පාසල් කාලය, ජීවිතේ සුන්දරම කාලය කාටද අමතක කරන්න පුලුවන්.ගැමි පරිසරයක හැඳුණු වැඩුණු ඔබට මට අපේ පාසල් කාලයේ සුන්දර මතකයන් අද්දරට කැඳවා ගෙන යන හරි අපූරු ගීතයක්.
පාසල් යන තම සිඟිති දියණිය රැළි වැටුණු සුදු ගවුම ඇඳගෙන පාසල් යන්නට සැරසෙන මොහොතේ, සෙනෙහෙබර මවකගේ සිතෙහි තෙරපෙන අතීත පාසල් මතකයන් හරිම සුන්දරයි.
පාසල් යන තම සිඟිති දියණිය රැළි වැටුණු සුදු ගවුම ඇඳගෙන පාසල් යන්නට සැරසෙන මොහොතේ, සෙනෙහෙබර මවකගේ සිතෙහි තෙරපෙන අතීත පාසල් මතකයන් හරිම සුන්දරයි.
අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකල් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එක්තු වෙයන්නේ
පුංචි පුතේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා
ලඳු දෙනි මැද දෙවැට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා
එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩා
අකුරු ලියූ කාලය නෑ ආයිත් එන්නේ
මං නොදුටුව නව ලෝකය
කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ
කොක්කු රෑනක් වගේ සුදු ඇඳගෙන, තම දියණිය එනතුරු ඇගේ යහළු යෙහෙළියන් මඟ බලන් ඉන්නවලු.එහෙම දකින අම්මගේ සිතින් තමන්ගේ අතීතය දකිනවා. දෙවැට දිගේ දුවපැනපු හැටි,දොළේ සෙල්ලම් කරපු හැටි
ඒත් එක්කම මේ ආරණීය අම්මාගේ පාසල් කාලයේ තිබූ ආර්ථික දුෂ්කරතාවයත් ඇගේ සිහියට එනවා. එක පැන්සල දෙකට බෙදා ගෙන, එක පුටුවේ දෙන්නෙක් ඉඳගෙන තමයි ඒ කාලේ ඉගෙන ගත්තේ.
තමන් දුෂ්කර කාලයක් ගෙව්වත් තම දියණියට ඒ දුෂ්කරතාවයන් දැනෙන්නට ඉඩ තියන්නේ නෑ කියලා පොරොන්දු වෙන ගමන්, දියණියගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා.
මට දිනන්න බැරි වුණු ඒ ලෝකේ රැජිනක් වෙන්න කියලා...........
"මං නොදුටුව නව ලෝකය
කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ"
No comments:
Post a Comment