(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

2011/06/29

ලොව ජනප්‍රිය නිදහස් මෘදුකාංග - Open Source SOFTWAREs



ඡයාරූප සංස්කරණය කටයුතු සඳහා බහුලව භාවිතා කරන අංග සම්පූර්ණ නිදහස් මෘදුකාංගයක්.උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ අතිරේක ඡයාරූප සංස්කරණ මෘදුකාංගය ලෙසද මෙය ලබා දී තිබෙනවා.
ගිම්ප් - gimp මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].








ඉන්ස්කේප් - Inkscape


ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි නිදහස් මෘදුකාංගයකි.
ඉන්ස්කේප් - Inkscape මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].


2011/04/24

අයිකන් මවන සූත්තරේ - ICON EDITOR

තමන් කැමති තාලෙට තමන්ට කැමති අයිකන් එකකින් තමන්ගේ ෆෝල්ඩර්ස්, ඩෙක්ස්ටොප් එක ආදිය හැඩ වැඩ කර ගන්න ආසයිනේ.ඉතිං මේ සඳහා තමන්ටම කියලා අයිකන් නිර්මාණය කර ගන්න ඕනේ.මේ වැඩේට විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේම බා ගන්න පුළුවන්.මේ මෘදුකාංග අතරින් වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ.


මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".

2010/11/20

පෙන්ඩ්‍රයිව් එකේ දා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය

අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ තවත් අළුත් මෘදුකාංගයක්.මෘදුකාංගයක් කිව්වට ඇත්තටම මේක මෙහෙයුම් පද්ධතියක්[Operating System].ලිනක්ස් පාදක කරගත් මේ මෙහෙයුම් පද්ධතිය නම් කරලා තියෙන්නේ "ස්ලිටාස්[SliTaz]" නමින්.

ඔයාලා දන්නවනේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සුළුපටු මෘදුකාංගයක් නෙවෙයි.විශාල ධාරිතාවයක් තියෙනවා.ඒත් මේ සාම්ප්‍රදායික මෙහෙයුම් පද්ධතිවලට විකල්පයක් ලෙස, එදිනෙදා වැඩ ලේසියෙන් කර ගන්නේ පුළුවන් මේ කුඩා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ.මෙහි ධාරිතාවය 30MB ක්.සීඩී[CD] එකක හරි යූඑස්බී ඩ්‍රයිව්[USB Drive] එකක හරි ගෙන යන්නත් පුළුවන්.ක්‍රියාත්මක කරන්න පරිඝණකයේ තියෙන්න ඕනේ 100MB ක් විතරයි.

පැරණි පරිඝණකයකින් වුණත් ඉන්ටනෙට් එක්ක සම්බන්ධ වෙන්න 'මිඩෝරී' නමින් වෙබ් බ්‍රවුසරයක් තිබෙනවා.ෆයර්ෆොක්ස්, ක්රෝම් එක්ක වුණත් යොදා ගන්න පුළුවන්.

2010/11/06

කරදර නැති avast ඇන්ටි වෛරස් ආරක්ෂකයා

වෛරස් ගාඩ් ගැන හැම තැනම කතා වෙනවා.ඒත් සමහර අයට මේක ඇලජික් මාතෘකාවක්..දවසින් දවස වෛරස් ගාඩ් මාරු කරලා එපා වෙලා නේද..?
ඒත් හරියට හරියන එකක් සෙට් උනේ නෑනේ..

ඔන්න දැන් ඒ කරදරෙත් ඉවරයි..සමහර විට මේ ගැන දන්නවත් ඇති.පාවිච්චි කරනවත් ඇති.නොදන්න අයත් ඉන්නවානේ.එයාලට තමයි මේ කතාව.

avast ඇන්ටි වෛරස් මෘදුකාංගය.නොමිලේ දෙන වෛරස් ගාඩ් එකක්.ෆයිල් එක ලොකුත් නෑ,අනිත් වෛරස් ගාඩ් වගේ රැම් එකට හාඩ් එකට ලෙඩ දාන්නෙත් නෑ.
නොමිලේම ලියාපදිංචියත්[Register] හම්බෙනවා.නොමිලේම අප්ඩේට් එකත් දා ගෙන ඉන්න පුලුවන්.

2010/11/05

හාඩ් ඩික්ස් එකේ පාලනට අතට ගමු.


පරිගණකවල හාඩ් ඩික්ස් එක තමන්ට ඕන විදියට පාලනය කරන්න තියනවනම් හොදයි නේද,,හරි දැන් වැඩේ ලේසියි.මේ වැඩේට හරියන වැඩසටහනක් හදුන්වලා දීලා තියනවා.ඒකේ නම තමයි " පැරගන් හාඩ් ඩික්ස් මැනේජර් 2010 "