දෝරේ ගලනා සෙනෙහස,
දගකාරකම් එක්ක මුසුවූ
පුංචි පුතුගේ කිරිකැටි හිනාව....
පුංචී දේටත් හිත් පාරගන්නා
සුදු දෝණීගේ ලෙංගතුකම....
"තාත්තී"
බෙදා ගන්නට කරනා අක්කා මලෝගේ රණ්ඩු සරුවල්...
වියැකී යන තුරුණු විය...
කෙමෙන් දලුලමින් වැඩෙන ජීවිතේ
පරිණත බවට
අභියෝගයක් නොවේද....
ඔවුන් හිත් සනසන්න
ආදරේ පුරවන්න
රැගෙන යා යුතු නොවේද
මතකය බාල කාලයට......
~මනූ~
❤️❤️❤️
No comments:
Post a Comment