මල් සුවඳක සඳ රෑල්ලක
හැංගී ළඟ උන්නු
පිණි අහුරක කඳුළු පොදක
සීතල හා බැදුණු
සිනා මලක පැතුම් ගඟක
සුවඳ එක්ක රෑදුණු
සීතල පෙම් කුසුම නුඹයි
මහද පුරා පිපුණු.....
වළාපෙලක දේදුන්නක
දුටුව හීන අහුරු
මියැදෙන්නට දැන් ළඟයිලු
හඬන්න නෑ කඳුළු
රන් හීනෙක මල් යායක
මගේ මලම පතපු
දුරින් පිපුණු තරුව නුඹයි
අහිමි සඳට හඬපු....
සුදු අතැඟිලිවල පැටලී
ඉස්සර කල් ගෙවුණූ
දුරගිය සඳ නුඹමයි
අහස් විලේ පිපුණු
සසර භවක පුරුදු ලෙසක
හමුවූ මඟ හැරුණූ...
දුක හිතෙනා කඳුළ නුඹයි
මගේ ලොවෙන් මිදුණූ.....
ලස්සන කවි සිතුවිල්ලක් මනුවෝ !!!
ReplyDeleteඔව් ලස්සනයි..එත් පද වෙන් කරා නම් මිට වඩා ලස්සන වෙයිද මන්දා..
ReplyDeleteලස්සනයි..
ReplyDelete@මධුරංග & Dinesh:-ගොඩක් ස්තුතියි යාලුවනේ.....!
ReplyDelete@නිම්ශා:- ම්ම්ම්ම් ඔන්න මම පද වෙන් කලා.. ගොඩක් ස්තුතියි ඔයාටත්