(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

Showing posts with label පරිඝණක පාඩම්. Show all posts
Showing posts with label පරිඝණක පාඩම්. Show all posts

2011/05/16

වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.



වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.


වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී  කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

2011/03/16

විකෘති කළ අකුරු පෙළ- කැප්චා පස්ල්ස්[Captcha Puzzles]

අන්තර්ජාලේ එහෙට මෙහෙට දුවන අපි හැමෝටම කැප්චා පස්ල්ස්[Captcha Puzzles] හමුවෙලා තියනවා.ම්ම්ම්.... එහෙම කිව්වට හිතා ගන්න අමාරුයි නේද..? පිළිවෙලක් නැති ඇද වෙච්ච අකුරු ටිකක් තේරුම් බේරුම් කරලා අරගෙන පුරවන්න අවස්ථාව හම්බෙලා තියනවා නේද...? අන්න ඒ වැඩේට තමයි කියන්නේ කැප්චා පස්ල්ස්[Captcha Puzzles] කියන්නේ.

2010/12/03

ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම

ඉන්ටනෙට් භාවිතා කරන අපි හැමෝටම වැදගත් දෙයක්නේ සර්ෆ් [Surf] කරන එක.දන්න භාෂාවෙන් කිව්වොත් සර්ච් [ Search] කරන එක.ඉතිං මේ ගැන ඔයාලට කරුණු ටිකක් කියන්න ඕනේ කියලා හිතුවා.තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න අයට මේ ටික ගොඩක් වැදගත් වෙවි.
ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම ඉංග්‍රීසියෙන් කිව්වොත් ' Surf the net' .ඔයාලා දන්නවනේ මේ වැඩේ ක්‍රම කීපයකට කරන්න පුලුවන්.
බොහෝ විට අපි කරන්නේ සර්ච් එන්ජින් එකේ ටයිප් කරලා එන්ටර් කරන එකනේ.ඇත්තටම සර්ච් එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.

2010/11/17

වියපත් මවුස් - අවුරුදු 40 පසු කරයි...!

ක්ලික් කිරීමට එක් රළු බොත්තමක්ද, මහත වයරයක්ද සහිත වූ මෙම උපාංගය හරියට මීයෙකුට සමාන වුණු හින්දා ඉංග්‍රීසියෙන් "මවුස් [ Mouse ] " නමින් නම් කරා.1968 දී මවුසය නිර්මාණය කළේ ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට් විසින්.මුල්ම පර්යේෂණ මවුසය තනා තිබුණේ ලීයෙන්.

ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට්ගේ සංකල්පයට අනුව පළමු වරට පරිඝණක මවුසය නිර්මාණය කළේ ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ [SRI-Stanford Research Institute] ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසින්.

ලෝකයේ භාවිතා වන වයර්ලස් තාක්ෂණ[Wireless Technology]

ඔන්න අදත්  ඔයාලට පරිඝණක පාඩමක් අරගෙන ආවා.අද කියන්න යන්නේ ලෝකයේ දැනට භාවිතා වන වයර්ල්ස් තාක්ෂණය[Wireless Technology] ගැනයි.සමහර විට දැනටමත් ඔයාලා මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් ඉන්නවනේ.එයාලට මේ ලිපිය ගොඩක් වටිනවා.

බ්ලූටූත් [Bluetooth]
මෙම තාක්ෂණය භාවිතයෙන් අඩි 100ක වටපිටාවක තොරතුරු හුවමාරු කරන්න පුළුවන්.මෙහි ඇති ප්‍රධාන වැදගත්කම වන්නේ එකම අවස්ථාවකදී උපාංග කීපයක් එක්ක තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව.උපකරණ හරි කෙළින් තියන්න ඕනෙත් නෑ.
බ්ලූටූත්[Bluetooth] ගැන වැඩි විස්තර ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.


වයි-ෆයි [Wi-Fi]
මෙහිදී තොරතුරු හුවමාරු වන්නේ රේඩියොඅ තරංග මඟින්.මේ සඳහා වයර්ලස් රවුටරයක් තිබිය යුතුයි.වයි-ෆයි සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙන්නේ "හොට්ස්පෝට්ස්[Hotspots]" ලෙස හඳුන්වන ක්‍රියාකාරිත්වය තිබෙන ප්‍රදේශ වල පමණයි.

2010/11/15

බ්ලූටූත් තාක්ෂණය[Blueooth Technology]


බ්ලූටූත් අපි කවුරුත් දන්න දෙයක්නේ.බ්ලූටූත් වලින් වැඩ කරන්න අපි කවුරුත් දන්නවා.ඒ කොහොම වුණත් බ්ලූටූත් ගැන දන්න වගේම නොදන්න කරුණු ටිකකුත් කියන්න තමයි මේ සූදානම.
ඉලෙක්ට්‍රොනික් උපාංග එකිනෙක සම්බන්ධ කරන්න විවිධ රැහැන් රහිත ක්‍රම යොදා ගන්නවනේ.ඒ  අතරින් ප්‍රධාන ක්‍රමයක් තමයි බ්ලූටූත් කියන්නේ.ඇත්තටම 'බ්ලූටූත්' වලට ඒ නම වැටුනේ කොහොමද.මුලින්ම කියන්නේ ඒ ගැන.
ක්‍රි:ව: 958 දී ඩෙන්මාක් රටේ 'හෙරල්ඩ් බ්ලූටූත්' කියලා රජෙක් හිටියා.ඩෙන්මාකයත් නෝර්වේ රටේ කොටසකුත් එකට තමයි මොහු පාලනය ගෙන ගියේ.එවකට සිටි ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක් සමඟි කරවපු රජ කෙනෙක්.
1994 දී රැහැන් රහිත බ්ලූටූත් තාක්ෂණය හොයා ගත්තේ අර ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරවපු ප්‍රදේශයේ විද්‍යාගාරයක.රැහැන් රහිත තාක්ෂණයක් ලෝකයේ තිබුණේ නෑ.ඉතිං එදා එකිනෙකට 'සමඟිව' වැඩ කරන්න බැරි උපාංග ගණනාවක් එක්ක 'සමඟිව' වැඩ කරන්න පුලුවන් වුණේ මේ තාක්ෂණය නිසා.හරියට හෙරල්ඩ් බ්ලූටූත් රජු ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරා වගේ.මෙන්න මේ කතාව මුල් කරගෙන තමයි මේ රැහැන් රහිත තාක්ෂණයට "බ්ලූටූත්[Blueooth]" කියලා නම වැටුණේ.

2010/11/06

මොකක්ද මේ DirectX

පරිඝණක ක්‍රීඩා, අළුත් චිත්‍රපටි වැනි මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න DirectX ඕනේ කියලා ඉල්ලනවා නේද..?
මටත් ඕක ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුණේ.නිකන් ඉන්න එකේ මේ ගැන ටිකක් හොයලා බලන්න හිතුනා.මෙන්න මෙහෙමයි විස්තරේ.
පරිඝණක ක්‍රීඩා, අළුත් චිත්‍රපටි වැනි මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යොදා ඇති නොයෙක් ප්‍රයෝග ඒ අයුරින්ම  අත්විදීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමග තිබෙන තාක්ෂණය තමයි DirectX කියන්නේ.