(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/02/16

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..




අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.


(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].




(2). මෙම අංකය සඳහන් දුරකතනය  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS]යවන්න.
[ IMEI හිස්තැනක් IMEI අංකය යොදා 1909 send කරන්න].


(3). එවිට පහත දැක්වෙන අකාරයේ පණිවිඩ දෙකෙන් එකක් ඔබට කෙටි පණිවිඩයක්[SMS] ඔස්සේ  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ස්වයංක්‍රීයව එවනු ඇත.
         
      1.  Registered IMEI. TRC Reference No. DL or ML or            
           TRC/xxx/xxx
      2.  Unknown IMEI:  "ඔබ type කළ IMEI අංකය"
           Please contact TRCSL- Tel. 011- 2676993/4


(4). ඔබට පළමු SMS පණිවිඩය ලැබුණේනම් ජංගම දුරකතන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ සඳහන් අංකයට  SMS පණිවිඩයේ සඳහන් වූ අංකය සසඳා බලන්න.අංක දෙක සමාන නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකකි. 


(5). එම අංක දෙක නොගැළපුනොත් හෝ දෙවන කෙටි පණිවිඩය ලැබුණේ නම් එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.



(6). පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා


ලිඛිත: අධ්‍යක්ෂ ජනරාල්
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
          276, ඇල්විටිගල මාවත
          කොළඹ 08.


ෆැක්ස්: 011-2689341/ 011-2676993


වාචික: 011-2676933/4
          සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


විද්‍යුත් තැපෑල:
         trives@trc.gov.lk
         සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
         ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

[ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කරපු නිවේදනයක් ඇසුරෙන්]


පණිවිඩය වැදගත් වුණානම් අදහස් එකතු කරන්න අමතක කරන්න එපා..

16 comments:

  1. බොහොම වැදගත් ලිපියක්.... ස්තූතියි සහෝදරයා...

    ජය වේවා...!!

    ReplyDelete
  2. dan bn ape parana ewage oya sticker nane,meken athi wadak nane bn ithn

    ReplyDelete
  3. @සෝරෝ:- ජයවේවා...!

    @mahima & බුද්ධික:- මේ නීතිය හඳුන්වා දුන්නේ ඉතා මෑතකදී.අළුතින් ලංකාවට ගේන දුරකතන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ලියාපදිංචි කරනවා.නීතිය හඳුන්වා දෙන්න කලින් ගෙනාපු දුරකතන මේ යටතේ ලියාපදිංචි වෙලා නෑනේ.ඉදිරියේදී ඒ සම්බන්ධයෙනුත් ක්‍රියාමාර්ගයක් ගනීවී.

    ReplyDelete
  4. @සුපුෂ්පිත අතපත්තු:- ස්තූතියි සහෝදරයා..!

    ReplyDelete
  5. ස්තුතියි.ඔබගේ දැනුවත් කිරීමට.

    ReplyDelete
  6. Sajeewa:- ඔබටත් ස්තුතියි සහෝ... දිගටම රැදිලා ඉන්න.

    ReplyDelete
  7. වැදගත් ලිපියක්.......

    ReplyDelete
  8. @Lalith:- ස්තුතියි සහෝ...

    ReplyDelete
  9. dan pita ratakin mobile ekak genna ganna baida??

    ReplyDelete
  10. namila007: පුළුවන්.එහෙම ගේනවනම් ඒක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙහි ලියාපදිංචි කරන්න ඕනේ.ඔය තියන දුරකතන අංකයකට කතා කළොත් වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

    ReplyDelete
  11. Now we can't bring phones from abroad. We have to register it at TRC by paying a tax.

    ReplyDelete
  12. @Anonymous:- ඔව්.යාළුවා... ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පිහිටුවාට පස්සේ දුරකතන ලංකාවට ගේනවනම් TRC හරහා ගේන්න ඕනේ.

    ReplyDelete
  13. දුරකථනය නැති වූ විට මෙම අංකය මගින් එය සොයාගත හැකිද

    ReplyDelete