"ජංගම දුරකතන[Mobile Phone]" බාල, තරුණ, මහලු මේ කොයි කාටත් දැන් නැතුවම බැරි අංගයක්
වෙලානේ.බොහොම පහසුවෙන්, පහසු මිලට මිලදී ගන්නත් පුළුවන්.ජංගම දුරකතන ගැන කතා කරනවිට 'ෆෝන් අන්ලොකින්[Phone Unlocking]' කියන මාතෘකාවත් ගොඩක් දෙනෙක් කතා වෙනවා.ඒ නිසාම 'ෆෝන් අන්ලොකින්[Phone Unlocking]' ගැන එකතුකර ගත්ත විස්තර ටිකක් ඔයාලට කියන්නයි හදන්නේ.එහෙනම් වැදගත් වෙන දෙයක් තියනවද කියලා, කියවලාම බලන්න.
බොහෝ රටවල් වල දුරකතන ජාල සමාගම්, දුරකතන ගිණුමත් සමඟ දුරකතනයක් නොමිලේ ලබාදීම සිදු කරනවා.නමුත් එම දුකරතනයට වෙනත් ජාලයක සේවාවක් ලබා ගැනීමට නොහැකි ලෙස මෘදුකාංග මඟින් අඟුලු[Lock] දානවා.පිටරට ඉදලා ලංකාවට ගේන ජංගම දුරකතන වලට ලංකාවේ සිම් කාඩ්[SIM Card] දැම්මට වැඩ කරන් නැත්තේ ඒ නිසයි.
මෙවැනි අඟුලු [Locks] වර්ග කීපයක් තියනවා.
සිම් ලොක් [SIM Lock]
මේ අඟුල දාලා තියෙන දුරකතන වලදී ඒ දීලා තියෙන සිම් එක හැර වෙන සිම් එකක් පාවිච්චි කරන්න බෑ.
නෙට්වර්ක් ලොක් [Network Lock]මේ අඟුල දාලා තියනවා නම් ඒකෙන් අදහස් කරන්නේ දීලා තියන සිම් එකට අදාල ජාලයේ[Network] සිම් හැර අනෙක් සිම් භාවිතා කරන්න බෑ කියන එකයි.
කන්ට්‍රි ලොක් [Country Lock]
මේකෙන් අදහස් වෙන්නේ දුරකතනය ලබා දුන් රටේ සිම් එකක් හැර අනෙක් රටවල සිම් භාවිතා කරන්න බෑ කියන එකයි.
ලෝකයේ සියලුම රටවල් වලට ජීඑස් එම් ආයතනය [GSM- Global System for Mobile Communications] විසින් හඳුනා ගැනීමේ අංකයක් දීලා තියනවා.මේ අංකය හඳුන්වන්නේ මොබයිල් කන්ට්‍රි කෝඩ් [MCC- Mobole Country Code] කියලා.ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක SRI හෙවත් 413.ඒ වගේම සේවාදායකයන් සඳහාත් අංකයක් ලබා දෙනවා.ඒක හඳුන්වන්නේ මොබයිල් නෙට්වර්ක් කෝඩ් [MNC- Mobile Network Code] කියලා.
යම් ආයතනයකින් දුරකතනයක් ලබා ගැනීමේදී ,ලොක් කරලා තිබුණත් ඒ සිම් එකම යොදා ගෙන වෙනත් රටකදී භාවිතා කරන්න පුළුවන්.මේකට තමයි රෝමිං [Roming] කියන්නේ.ඒත් වෙන සිම් එකක් දාලා භාවිතා කරන්න ගියාම විවිධ කෝඩ් ලබා දෙන්න කියලා ඉල්ලනවා.
ඔන්න ඔය විදියට දුරකතන වලට දාලා තියෙන අඟුලු විවිධ ක්‍රම වලට ඉවත් කරන එකට තමයි ෆෝන් අන්ලොකින්[Phone Unlocking] කියලා කියන්නේ.
අපි ෆෝන් අන්ලොකින්[Phone Unlocking] කිරීමෙන් බලාපොරොත්තු වෙන කාරණා කීපයක් තියනවා.ඒ තමයි, ඕනෑම සිම් කාඩ් එකක් භාවිතා කිරීමේ හැකියාව ලබා ගැනීමටත්,ඕනෑම නෙට්වර්ක් එකකින් ප්‍රයෝජන ගැනීමටත්,විවිධ රටවල් වලදී එකම දුරකතනය පාවිච්චි කිරීමටත්,සේවා සපයන්නන් සීමා කර ඇති පහසුකම් බාධාවකින් තොරව ලබා ගැනීමටත්.
වැදගත් :- දුරකතන අන්ලොක් කිරීම මඟින් දුරකතනය ලබා දුන් සමාගම සමඟ ඇති ගිවිසුම අවලංගු වෙනවා[Void of Warranty].ඒ නිසා මේ වැඩේ ටිකක් අවධානම්.ඇතැම් විට නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නත් පුළුවන්.ඒ නිසා අන්ලොක් කිරීමට පෙර අදාල සමාගමෙන් ඒ ගැන අහලා බලන එක තමයි වඩාත් හොඳ.
පුලුවන් නම් මේ විදියට කොහොමද අන්ලොක් කරන්නේ කියලත් ලිපියක් දාන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි.
ReplyDelete@karumakkaaraya;- අනිවාර්යෙන්ම.. මගේ ඊළග ' ෆෝන් ගැජට්' ලිපියෙන් මම ඒ ගැන ලියනවා
ReplyDeleteබොලව්, මේ රටේ නිදහසේ ෆෝන් එකක් වත් අන්ලොක් කොරගන්න බැරිද ? පොලිස්. අනෙ අම්මපා.
ReplyDeleteහොඳ post එකක්............................
ReplyDeleteහැමෝටම ගොඩක් ස්තුතියි ප්‍රතිචාර වලට...!
ReplyDeletetry කරා.මේ නම් code එක වැරදි කියනවා.
ReplyDeleteLG phone එකක්