(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/09/25

~~වෙල්ලස්සේ ගීතය~~


80 දශකයේ එවකට රජය විසින් ඌවේ එනම් මොණරාගල දිස්ත්‍රික්කයේ පැලවත්ත ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර 20,000 ක් උක් වගාව සදහා එංගලන්තයේ බුකේර්ටේට් සමාගමට පවරා දීමට පිඹුරුපත් සකසන්නට විය.ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී භූමියක් වූ වෙල්ලස්සේ සිදු කරන්නට සැරසෙන මේ මහා ඉඩම් කොල්ලයට රට පුරා විරෝධතා නැගෙන්නට විය.වෙල්ලස්ස භූමියේ මෙම සිදුවීම නිමිත කර ගනිමින් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනාවට ගුණදාස කපුගේ ශූරීන් ගීයක් ගැයුවේය.

එදා ඒ ජන අරගලය නින්නාද වූයේ මෙම "වෙල්ලස්සේ ගීතයයි".
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..


යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි

මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නගයි

කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා 
කඩුව බිම දමවු...

4 comments:

  1. මම ඉතාමත් ආස ගීතයක්. මෙයට මෙවැනි ඉතිහාසයක් හිමි වග දැනගත්තේ අදයි.

    ReplyDelete
  2. වෙල්ලස්සේ ජනතාව වෙනුවෙන් කපුගේ බොහෝ දේ කරල තියෙනව. ඔහු සැබැ මිනිසෙක් වෙන්නේ ඒ නිසයි. කපුගේ අමතක නොකලාට ස්තුතිය. කපුගේට මම මගේ ජීවිතයට වගේම ආදරෙයි.

    ReplyDelete
  3. ගීතයට කැමති වුනත් නිධාන කථාව දැනගත්තේ දැං...

    ReplyDelete
  4. ඔව්.. කපුගේ ශූරීන් මිනිස්සුත් එක්ක එකට පොළොවෙ පය තියලා ජීවත් වුණු සැබෑ කලාකරුවෙක්.ඒ නිසයි අපේ මතකයෙන් කපුගේ කියන නම කවදාවත් මැකී නොයන්නේ..

    ස්තුතියි හැමෝටම ප්‍රතිචාර වලට...!

    ReplyDelete