(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/09/30

~~දිගු දෑස දුටුවාම Digu desa dutuwama~~


සොදුරු තාරුණ්‍යයේ බිදුණු ආදරයක් ගැන කියවෙන වර්ථමානගේ ගොඩක් ජනප්‍රිය ගීතයක්.නන්දන වික්‍රමගේ මහතාගේ සොදුරු පද සංකල්පනාවට සත්සර මුසු කරමින් ලබැදි හඩ එකතු කරන්නේ රොමේෂ් සුගතපාල විසින්.
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද...

රෑ දුවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඩනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...

පෙර එදා හමුවෙලා වෙලුණු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ළග නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...


3 comments:

  1. සින්දුවනම් ගොඩක් ලස්සනයි.. ඒත් වීඩියෝ එකටනම් මම එච්චරම කැමති නෑ.. ඒකේ දෙබස් වැඩියි වගේ කියලා මට හිතෙනවා...

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්. මම ඕක දවසට දෙපාරක්වත් අහනවාමයි. :)

    ReplyDelete
  3. hari haman pirimi katahandakwath nathi okage sindu ahan inna baa

    ReplyDelete