(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/09/28

෴අමාවක වූ දිවිය෴


නුඹ සදක්මැයි
අමාවක නැති; පුන්සඳක්මැයි
සිසිල දෙන නුඹ
කවියක්, ගීයක් විය දිවියට බැඳි
ඉදින් මගේ සඳ...
සඳෙන් තොරවූ
අමාවක රැයක බියයි මා සිත
සිතන්නට බැරි නමුදු
සඳෙන් තොර දිවියක් ගැන
දැන් මගේ ලොව
හැමදාම අමාවක
නුඹෙන් තොරවූ නිසාම
ඉදින් නොමැතිනම් බලාපොරොත්තුවක්
මේ දිවිය ගැන
කුමක් කරම්දෝ මා...?

1 comment:

  1. ආදරේ කරනවා වගේ නෙමෙයි ඒ ආදරේ නැති උනාම. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete