ලබාගන්නට බලා ඉන්නවා මම
නුඹේ දයාබර සෙනෙහස
මා ළග රෑදෙන මා හට
උරුම වන
කෙදිනක හෝ දිනයක්
හිනැහෙන්න බලා ඉන්නවා මම
මේ හිත් සිහින කෙදිනක හෝ
ඉටුවන තුරු....
පෙරුම් පුරමින් මං
බලා ඉන්නවා
පැතුන් මල් විකසිත කර
හිනැහෙන්නට
දිනයක් ආ විටදී.....
සත්තමයි
එතෙක් මා ඉවසාගෙන
හද පුරා රෑදි
සතුටු මල් හදෙහිම
හිර කරගෙන
මුව අඟ සිනාවක් රදවාගෙන
බලා ඉන්නවා.....
No comments:
Post a Comment