පිච්ච මල් පෙති අතර රදවමි
මගේ හිතේ ඇති ආදරේ
ඔබට ඇති පෙම මනින්නට බෑ
තරම් වෙයි එය සාගරේ......
සුවඳ දුන්දා ලඟින් ඉන්නට
දිවි තිබෙන තෙක් මා කෙරේ
සතුට හද තුළ රැඟුම් දුන්නා
එයයි මා පැතූ ආදරේ.....
දෙකන් පෙති මගේ රතුවෙලා
මැවෙන ඔය රුව මගේ හදවත
ගෙනෙයි රසබර කල්පනා.....
ලයපුරා රැඳි අඳුරු සෙවනැලි
ඈතකට ගොස් සැඟවුණා
ඔබේ දෙනෙත් ළඟ
මගේ හදවත
කරයි සදහට භාවනා....
No comments:
Post a Comment