දුකක් දැනුනම ළගින් ඉන්න, ආදරෙන් කතා කරන්න මට හිටියේ ඔයා විතරයි.ඒත් දැන් ඔයා හින්දම පෑරුණු මගේ හිත හදන්න,දුක අහන්න,ඇස් දෙකෙන් ඔයා වෙනුවෙන් වැටෙන කදුළු පිහින්න මං ළග කවුරුත් නෑ.හැමදාටම මෙච්චර ආදරේ කරපු මාව දාලා ඔයා යන්න ගිහින්.
වැටෙන කඳුළු පිසලන්නටහිස අතගා... සනසන්නට
උන්නු එකම ලෙංගතු හිත
යන්න ගිහින්... දුක තියාන...
බිදුණු හිත.. යළි හදන්න
සන්තකටම තිබුණු හිත
යන්න ගිහින්... යළි නො එන්න...
ඔබ සැනසූ හිත පෑරී
හඬා වැටෙයි... නුඹ හින්දා...
පෑරුණු සිත යළි හදන්න
එන්න යළිත්.. මා සොයාන..
මෙතනත් බූට් එකක්
ReplyDeleteඅප්පටසිරි !!!
ReplyDeleteඅපි එකම බෝට්ටුවක් හබල් ගානවද මන්දා මනුවෝ !
ලස්සනයි..
ReplyDelete@රත්ගමයා:- :P
ReplyDelete@මධුරංග:- හැමෝම වගේ එහෙම තමයි මධුරයා.එත් ගොඩක් දෙනෙක් හිතේ හංගගෙන ඉන්නවා.කාටවත් කියන්නේ නෑ.
@නිම්ශා:- :D