(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2014/07/29

පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී . . .




දිනක මේ ලොව නුඔව රජ කරවන්නට මා දකින හීනද අනන්තයි, අප්‍රමාණයි. ඇසට කදුලු නොනැගුණාට නුඔව රකින්නට මා විදින ගැහැට අනේකයි. නුඔව කුසයේ නොදැරුවට, ලේ කිරි නොවුණට සාගරයක් කරම් මම නුඔට ආදරෙයි. නුඔ සිගිති මුවින් නගන හිනාව බලන්න ආසාවෙන්  අම්මාට මුවා වෙලා ඉන්න බව නුඔ නොදන්නවා ඇති. නුඔ දැන ගත්ත දවසක කියාවි කවියක් ලොවට ඇහෙන්න පිය සෙනහෙස ගැන.

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබෙ ලෝකය එළිය වුනී
රෑකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී  . . .

2014/07/28

නෙල්සන් මැන්ඩෙලා දිනය


නිමිත්ත - 2014 ජුලි මස 18 දිනට යෙදුණු නෙල්සන් මැන්ඩෙලා නම් වූ යුග පුරුෂයාගේ ජන්ම දිනය වෙනුවෙනි.

1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.