දිනක මේ ලොව නුඔව රජ කරවන්නට මා දකින හීනද අනන්තයි, අප්‍රමාණයි. ඇසට කදුලු නොනැගුණාට නුඔව රකින්නට මා විදින ගැහැට අනේකයි. නුඔව කුසයේ නොදැරුවට, ලේ කිරි නොවුණට සාගරයක් කරම් මම නුඔට ආදරෙයි. නුඔ සිගිති මුවින් නගන හිනාව බලන්න ආසාවෙන් අම්මාට මුවා වෙලා ඉන්න බව නුඔ නොදන්නවා ඇති. නුඔ දැන ගත්ත දවසක කියාවි කවියක් ලොවට ඇහෙන්න පිය සෙනහෙස ගැන.
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබෙ ලෝකය එළිය වුනී
රෑකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දෑනුනේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ . . .
මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ . .
පිය සෙනෙහස ගැන මම අහපු හොදම සිංදුවක්..
ReplyDelete