(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/10/18

~~අහිමි පෙමට~~


නිසලව එක විටෙක
චංචලව තව විටෙක
සැමදාම ගලා යන නදියකි..
කෙදිනක හෝ නුඹේ ඉවුරු
එකිනෙකට හමුවීද ?
සැමදාම සයුරු ඉම
සිප ගනිමින් වැළපෙන
රළ පෙළ..
කෙදිනකවත් වෙරළේ තනියට
නුඹ රැදුනිද ?
නුඹ රළකි ඉවුරකි
මා නදියකි වෙරළකි
එසේ නම් කෙදිනකවත්
නුඹ මගේ තනියටවත්
මම නුඹේ තනියටවත්
හමුවුවද
කිසිදාක ළග නොරැදෙනු ඇත...

3 comments:

  1. ඇයි එහෙනං බලාපොරොත්තු තියා ගන්නෙ .......

    ReplyDelete
  2. අහිමි වෙන බව දැන දැනත් තවත් ඒ මත්තෙම ඉන්න එක වැඩක් නෑ සහෝ !!!!

    ReplyDelete