(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2020/10/01

සරා සිහින අහසේ දිවුරා කියා....

දුක හිතෙන හීනයක් දැක්කම ඇස් වලට ගලන කඳුළු දරා ගන්න අමාරුයි.හීනෙන් පවා ආදරෙයි කියලා දිවුරලා කියපු ඔයා මාව අමතක කරලා ගොඩක් දුර ගිහින්.ඒත් හිතේ කඳුළු පුරෝගෙන මම තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා  එදා පොරොන්දු වුණා වගේම.

හැමදාම හැන්දෑවට කළුවරත් එක්ක මගේ හිතේ තනිකම මකන්න කඳුළු ඉඳීවි.කවදාවත් වෙනස් වෙන්නෙ නැති මගේ ආදරේ වෙනුවෙන් මහ මුහුදටත් වඩා වුණත් අඬන්න මට පුළුවන්.කවදාවත් ආයෙත් මගේ ළඟට එන්නේ නැති ඔයා වෙනුවෙන්.ඒ ගලන කදුළු මගේ ආදරේ වෙනුවෙන්.කවදාවත් වෙනස් වෙන්නේ නැති මගේ ආදරේ වෙනුවෙන්.

❤️ ජීවිතේ ❤️

දෝරේ ගලනා සෙනෙහස,
දගකාරකම් එක්ක මුසුවූ 
පුංචි පුතුගේ කිරිකැටි හිනාව....
පුංචී දේටත් හිත් පාරගන්නා
සුදු දෝණීගේ ලෙංගතුකම....
"තාත්තී"
බෙදා ගන්නට කරනා අක්කා මලෝගේ රණ්ඩු සරුවල්...
වියැකී යන තුරුණු විය...
කෙමෙන් දලුලමින් වැඩෙන ජීවිතේ
පරිණත බවට
අභියෝගයක් නොවේද....
ඔවුන් හිත් සනසන්න
ආදරේ පුරවන්න
රැගෙන යා යුතු නොවේද
මතකය බාල කාලයට......

~මනූ~ 
❤️❤️❤️