(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/05/16

වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.



වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.


වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී  කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.



ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි.


ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න.


දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්.

උප ෆෝල්ඩර විවෘත කරලා තීම්  උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.



ඔබට ජය.....!

4 comments:

  1. මගේ ළඟ තියෙන්නෙ Pentium 4 පරිගණකයක්.768 MB RAM, on-board VGA,Maximum 64 MB VGA,windows 7 install කරන්න පුළුවන්.ඒ වුනාට windows 7 themes දැම්ම‍ට transparent(Aero themes) විදියට පේන්නැහැ.basic theme එක තමයි වැඩ කරන්නේ.themes වෙනස් කරනකොට wallpaper විතරයි වෙනස් වෙන්නෙ.මගේ VGA drivers support නැතිලු.මම ඒ පාර drivers update කළා.ඒත් හරිගියේ ‍නැහැනෙ.ඔයා දන්න දෙයක් තියේ නම් මටත් කියන්න.ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. performance madi neda? Basic 7 themes thamai enne

      Delete
  2. @තාරක Dilsh@n:- ස්තුතියි යාළුවා....!

    @සඳුන් නිලංක:- මම හිතන්නේ ඔයාගේ එක මදි.ඒ නිසයි එහෙම වෙන්නේ.වැඩි විස්තර මෙතැනින් බලා ගන්න පුළුවන්, http://windows.microsoft.com/en-US/windows7/products/system-requirements

    ReplyDelete