(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/05/01

ඉන්දියාව අභියෝග කරන ලංකාවේ LPL විස්සයි20 ක්‍රිකට් තරගාවලිය


ඉන්දියන් ප්‍රීමියර් ලීග් නැත්තම් අපි කවුරුත් දන්න IPL විස්සයි20 ක්‍රිකට් තරඟාවලියට සමාන තරඟාවලියක් ශ්‍රී ලංකාවේත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ආරංචිය.තරඟාවලිය මේ වසරේ ජූලි හා අගෝස්තු මාස වලදී පැවැත්වීමටයි තීරණය කරලා තියෙන්නේ.මේ සඳහා විදේශ ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිතයි.
වයඹ, රුහුණ, කඳුරට, බස්නාහිර, ඌව, නැගෙනහිර හා උතුරු පළාත් වශයෙන් කණ්ඩායම් 7 තරඟ වැදීමය නියමිතයි.කණ්ඩායම් 7 සඳහා නායකත්වය බෙදී ඇත්තේ මෙන්න මේ ආකාරයටයි.
1.කඳුරට-කුමාර් සංගක්කාර
2.වයඹ-මහේල ජයවර්ධන
3.බස්නාහිර-තිලකරත්න ඩිල්ෂාන්
4.රුහුණ-සනත් ජයසූරිය
5.ඌව-චමින්ද වාස්
6.උතුරු-ඩැනියෙල් විටෝරි
7.නැගෙනහිර-සහීඩ් අෆ්රිඩී.


මේ සඳහා පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, බංග්ලාදේශය වැනි රටවල් වලින් විදේශ ක්‍රීඩකයින් 35 දෙනෙකු පමණ සහභාගි වන අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 70ක් පමණ ලියාපදිංචි තිබෙනවා.


අවසන් මහා තරඟය හා අර්ධ අවසන් තරඟ දෙකද ඇතුළුව සම්පූර්ණ තරඟ 24ක් පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු යොදා තිබෙන්නේ.ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ, හම්බන්තොට සූරියවැව යන ක්‍රීඩාංගණ වල තරඟ පැවැත්වෙන අතර අවසන් මහා තරඟය ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමය නියමිතයි.මේ සඳහා අනුග්‍රාහකත්වය සඳහා Somerset Entertainment Ventures පුද්ගලික ආයතනය සම්බන්ධ වීමට නියමිතයි.

10 comments:

  1. මෙන්න නයා

    ReplyDelete
  2. ane man da.. cha nowi goda dagattot nam hodai..

    ReplyDelete
  3. ඉන්දියාවට අභියෝගයක් කරන්නෙ කොහොමද බන් මේකෙන් , මාතෘකාව නම් ගැලපෙන්නෙ නැ .

    වැඩේ හොඳයි ඒත් ප්‍රශ්නේ පිටරර ක්‍රිඩකයින් ට ලොකු මුදලක් ගෙවල මේක කරන්න තරම් අපිට ආර්ථික ශ්ක්තියක් තියනවද කියන එක . මගේ සපෝර්ට් එක නම් සනා සෙල්ලම් කරන රුහුණු කණ්ඩායමට

    ReplyDelete
  4. me yakkuo ge go wada wala Kelawark naaa , Adu wela tibbe Oka witarane ,

    ReplyDelete
  5. :D :D :D kanna thama yanne. wena monawath newey lankawe cricket... copy karanawa kiyala mehemath copy karanawada?

    ReplyDelete
  6. මේක ඇත්තක්නං ඉන්දියාවෙ උන් අපිට පුකෙන් හිනා වෙයි. බැරි වැඩ නොකර තියන ක්‍රිකට් පරිස්සම් කරගන්න උත්සාහ කළානම් මීට වඩා බොහොම වටිනව

    ReplyDelete
  7. Can't we find some nice names for the teams???

    ReplyDelete
  8. @Anonymous 1:- මේක නයෙක් නෙවෙයි.ඇත්ත කතාවක්

    @පිස්සු පුසා:- අනිවාර්යෙන්ම.ඒක ඇත්ත, මොකද මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වලට ටිකක් අපලයිනේ.

    @buwa:- මටත් ඒකනම් පස්සේ හිතුනා.මොකද ඉන්දියාවේ වගේ තරඟාවලියක් ලංකාවේ පවත්වන එක ලේසි නෑ.

    ලොවෙත් ඉතිං මම නම් කඳුරට...!

    ReplyDelete
  9. මෝඩ අනෝලා ....යකෝ වැඩේ කරන්න කලින් මුන් කියන කථා ...ගොන් හරක්

    ReplyDelete
  10. 20 යි 20 තරගාවලියක් ලංකාවෙ තියන්න යනකතාවක් කවුරු හරි කිය වගේ මතකයි.

    ReplyDelete