(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/10/14

හිතවත් කතරේ...

මානසික රෝගීන්ද අපි වැනිම මනුෂ්‍යයෝය.මේ ඔවුන්ට අපහාස කිරීමට හෝ ඔවුන් පහත් කොට තැකීමට නොව හුදෙක් රසාශ්වාදය සඳහා පමණි.


හිතවත් කතරේ...
දිනක් පිස්සන් කොටුවේ වැඩ කරන දොස්තරවරයෙකුට පිස්සෙක් ලියුමක් තැපැල් කිරීම සඳහා ලබා දෙන ලදී.දොස්තරවරයා ගිහින් බලනකොට ඒකේ ලිපිනයක් තිබුණේ නෑ.ඒ නිසා ලියුම කඩලා බලන්න තීරණය කරා.බලද්දී මේ ලිපිය ලියලා තියෙන්නේ කතරගම දෙවියන්ට.ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා.



'හිතවත් කතරේ, බීඩීයක්වත් බොන්න සතයක්වත් අතේ නෑ.මට රු.100 ක් එවපන්.'


ඉතිං මේක කියවපු දොස්තරට දුක හිතිලා රු.50 ක් ලියුම් කවරෙක දාලා අර පිස්සට දුන්නා.ඊට පස්සේ දවසෙත් ආයෙත් දොස්තරවරයට ලියුමක් ගෙනත් දුන්නා.ඒ ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා. 


'හිතවත් කතරේ, උඹ දුන්නු රු.100 න් පනහක් දොස්තරයා මාටියා ගහලා....'






3 comments:

  1. දොස්තරයා හොරා !!!
    නියම කතාව.

    ReplyDelete
  2. පිස්සා උනත් තේරිලා තියෙනවා උන මගඩිය... :)

    ReplyDelete
  3. හෙහ් හෙහ්! මරු!

    ReplyDelete