(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/10/29

මට කියන්න 'මං ඔයාගෙමයි' කියලා...


මට කියන්න
එකම එක වතාවක්
'මං ඔයාගෙමයි' කියලා
මේ අහිංසක ඇස් දිහා 
බලාන...

එකම එක වතාවක්
ඔය සුදු මූණ ඇදකරලා
මට හිනාවෙන්න...
කවුරු නොකීවත්
ඔය ඇස් මගේමයි කියලා
මට කියන්න...
අනේ.. ඒක ඇත්තටම ඇත්තක් නම්
මං තමයි මේ ලොකේ ඉන්න
වාසනාවන්තයා...
අනේ.. ඒක බොරුවක් වුණොත්
මේ පපුව පැලිලා මැරිලා යාවි
එච්චර ලොකු දුකක් දරා ගන්න
මේ හිත තාම පුංචි වැඩියි
මාව මැරිලා යාවි
මට ජීවත් වෙන්න හදවතක් නැතිව යාවි...

1 comment:

  1. තමන්ට තමන්වත් අයිති නැති කොට . . .

    වෙන කෙනෙක් ඔයා මගේමයි කියලා කියන්නේ කොහොමද මන්දා . . .

    ReplyDelete