(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/12/11

ආදරයේ උල්පත් වූ අම්මා.....!



ආදරයේ උල්පත් වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නේ
සුළඟිල්ලේ එල්ලී.....


සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිවි මතුරක් වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා.....

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට
සෙනෙහස ලබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා....!



ගේය පද- ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්
සංගීතය සමඟින් ගායනය- වික්ටර් රත්නායක ශූරීන් 

3 comments:

  1. මේ මම ගොඩක් ආස සින්දුවක්..

    ReplyDelete
  2. Listen it online
    Click

    or copy and paste
    http://www.lankantunes.com/player/victor_rathnayaka/index.php?name=Victor%20Rathnayaka%20(HQ%20Mode)

    ReplyDelete