(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/02/28

~~නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්......~~


මගේ හිත තෙරක් නොපෙනෙන මිරිගුවක තනිකරලා ඔයා හුගක් දුර ගියා.කවදාවත් හැබෑ කර ගන්න බැරි හීනේ ඔයා ඉන්නකොට මගේ හිත ගොඩක් රිදුණා.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරං
ලගට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රෑදුනා

සොදුරු හඩ :- ආත්මා ලියනගේ
පද :- රචිතා වාකිෂ්ඨ
සත්සරය :- තිලින රුහුණගේ

3 comments:

  1. www.ceylonlanka.info

    All About srilanka....
    Starting soon...

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. මේ දවස් වල වැඩියෙන්ම අහන සිංදුවක්...

    ReplyDelete