(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2012/06/30

උන්නු එකම ලෙංගතු හිත යන්න ගිහින්...



දුකක් දැනුනම ළගින් ඉන්න, ආදරෙන් කතා කරන්න මට හිටියේ ඔයා විතරයි.ඒත් දැන් ඔයා හින්දම පෑරුණු මගේ හිත හදන්න,දුක අහන්න,ඇස් දෙකෙන්  ඔයා  වෙනුවෙන් වැටෙන කදුළු පිහින්න මං ළග කවුරුත් නෑ.හැමදාටම මෙච්චර ආදරේ කරපු මාව දාලා ඔයා යන්න ගිහින්.
වැටෙන කඳුළු පිසලන්නට
හිස අතගා... සනසන්නට
උන්නු එකම ලෙංගතු හිත
යන්න ගිහින්... දුක තියාන...

2012/06/21

෴සහෝදරත්වය෴



තල් කොළයයි
පොල් කොළයයි
එකට තියා
වියමුය අපි
හරි ලස්සන කලාළයක්

2012/06/13

~~සංසාර සිහිනය~~

මල් සුවඳක සඳ රෑල්ලක
හැංගී ළඟ උන්නු
පිණි අහුරක කඳුළු පොදක
සීතල හා බැදුණු
සිනා මලක පැතුම් ගඟක
සුවඳ එක්ක රෑදුණු
සීතල පෙම් කුසුම නුඹයි
මහද පුරා පිපුණු.....