(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/07/24

මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්....


මං දන්නවා ඔයා කවදාවත් මගේ වෙන්නේ නෑ කියලා.මගේ කර ගන්න බෑ කියලා.ඒත්.. ඒත් මං එහෙම හිතන්නේ නපුරුකමට නෙවෙයි සුදූ.ඔයා ගොඩක් හොද කෙනෙක්.ගොඩක් අහිංසක කෙනෙක්.ඔයා මට ගොඩක් ලෙංගතුයි කියලා මම දන්නවා.ඒක නොදන්නවා නෙවෙයි.

හැම මොහොතකම මගේ ඇස් ඔයාව හොයනවා සුදූ. මං දන්නවා ඔයත් ඒ බව දන්නවා කියලා.ඒත්..ඔයාට.. ඔයාගේ ජිවිතේට ලස්සන ආදර කතාවක් තියනවා.ඔයා ඒ ආදරේට ගොඩක් ආදරෙයි.ඔයාගේ ඇස් වලින් ඒ ආදර කතාව මට දැනෙනෙවා.


අනේ... මට සමාවෙන්න,මේ හිත ඔයාට ආදරේ කරේ, ඒ පුංචි ආදර කතාවේ දුෂ්ඨයා වෙන්න බලාගෙන නෙවෙයි.ඔයාගේ පුංචි හීන ලෝකේ කෑලි වලට කඩලා දාන්න හිතාගෙන නෙවෙයි.ඒ තරම් නපුරු හිතක් මට නෑ සුදූ.


අනේ... මං කවමදාවත් කවම කවදාවත් එහෙම කරන්නේ නෑ.මේ පුංචි හිතට ආදරේ කරන්න කෙනෙක් නැති නිසා, ඔයාගේ පුංචි ඇස් දෙකට ආදරේ කරා විතරයි.කවදාවත් ඔයාගේ ආදර ලෝකෙන්, ආදරේ බිංදුවක්වත් බලාපොරොත්තු වුණේ නෑ.ඒ මට ඔයාව, ඔයාගේ  ආදරේ වටින්නේ නැති නිසා නෙවෙයි.ඔයාගේ ඉගි කරන ඔය ඇස්, පුංචි හිනාව මට ගොඩක් වටිනවා.ඒත්.. ඒත් සුදූ ඔයාගේ ආදර ලෝකෙට මගේ අතින් නපුරුකමක් වෙයි කියලා මට බයයි.


තමන් ආදරේ කරන කෙනා තමන්ට නැති වුණාම දැනෙන දුක මම හොදට දන්නවා සුදූ.මං ඕන තරම් ජිවිතේ ආදරේ වෙනුවෙන් විදවලා තියනවා.මේ හිත හුගක් පුංචියි.මහමෙරක් දේවල් දරා ගන්න අමාරුයි.ඒ හින්දා මං හුගක් නපුරුයි වගේ දැනෙනවා ඇති.ඒකේ වැරැද්දක් නෑ සුදූ.මම තරහා නෑ කවමදාවත් එහෙම හිතුවට.


අනේ මට සමාවෙන්න,දහස් වාරයක් සමාවෙන්න සුදූ.මේ හිත ඔයාට ආදරේ කරාට.මට සමාව දෙන්න,එහෙම නොවුනොත් මේ ආත්මෙදි ඒ පව මට ගෙවලා ඉවර කරන්න බැරිවෙයි.

~මනූ~

1 comment:

  1. ආදරය කිරීම පවක් වෙන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ මචං !

    ReplyDelete