නුඹ වෙනුවෙන් කවි ලියන්න
නුඹේ ඇස් මට ඉගි කරනවා
ඒත් හිතට දුක දැනෙනවා
නුඹ අන්සතු බව කියනවා...
මිතුරුකමට වඩා රහස්
නුඹේ සුසුම් මට කියනවා
ඒ සුසුමන් ඉගි කරනවා
නුඹ අන්සතු බව කියනවා...
ඈත දුරක හිටියත් නුඹ
ළග ඉන්නවා වගේ දැනෙනවා
සිහිනෙන් මට ඉගි කරනවා
නුඹ අන්සතු බව කියනවා...
ඈත ඉදන් පෙම් කරන්න
නුඹගෙන් අවසර පතනවා
මතු භවයක නුඹේ දෑස්
මගෙම වෙන්න මම පතනවා...
~මනූ~
2012/08/01
කවි සිතුවිල්ල එල !!
ReplyDelete