(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2019/12/22

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ......

පාසල් කාලය, ජීවිතේ සුන්දරම කාලය කාටද අමතක කරන්න පුලුවන්.ගැමි පරිසරයක හැඳුණු වැඩුණු ඔබට මට අපේ පාසල් කාලයේ සුන්දර මතකයන් අද්දරට කැඳවා ගෙන යන හරි අපූරු ගීතයක්.
පාසල් යන තම සිඟිති දියණිය රැළි වැටුණු සුදු ගවුම ඇඳගෙන පාසල් යන්නට සැරසෙන මොහොතේ, සෙනෙහෙබර මවකගේ සිතෙහි තෙරපෙන අතීත පාසල් මතකයන් හරිම සුන්දරයි.
අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකල් පාර බලන්නේ 
හීන් සැරේ ගිහින් උන්ට එක්තු වෙයන්නේ

2019/12/11

2019 වසරේ අවසන් පොහොය අදයි

☸️    ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පුන් පොහෝ දින මූලික වෙමින් සිදු වී තිබේ.

අනුරාධපුර උඩ මළුවේ විරාජමානව වැඩ සිටින්නේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් දිනයේ ම මහ පොළොවෙන් ජනිත වූ උතුම් වෘක්ෂය එය යි. දස මාර සේනා පරදවා තිලොව ම ජය ගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය එය යි. දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බර බිමට වැඩම කරවනු ලැබුවේ උතුම් වූ උඳුවප් පුන් පෝහෝ දිනයේ දී ය.


2019/01/23

කිරිකෑටි පුතුනේ . . .



තාත්තා කෙනෙක්ගේ ආදරේ කොයි වගේද? අහස වගේ අනන්තයි, පොලොව වගේ ශක්තිමත්. ජීවිතේ අනේක දුක් දරමින්, කුස ගින්න උහුලමින්  අපිට  ලෝකයක් තනන්නට කොයි තරම් මහන්සි ගන්නවාද. මේ අප්‍රමාණ  අසීමිත සෙනෙහස හිතේ ගුලි කර ගනිමින්, දහසකුත් බලාපොරොත්තු මැද පියවරුන්ගේ දුෂ්කර ජීවිකාව ගැන ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ පන්හිදෙන් හරි අපූරු ගීයක් නිර්මාණය වෙනවා.