(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/02/28

'''''''ආදරෙයි මං නුඹට'''''''

මගෙ අතින් අල්ලගෙන
නුඹ බොහෝ දුර ගිහින්
මං හැරී බලන සඳ
මං හිටියේ හිටපු තැන.....

ඇත්තමයි මහ හුඟක්
ආදරෙයි මං නුඹට
මගෙ හිතට කියන කළ
හිනහෙනව හිත මටම....

2011/02/24

මොකක්ද මේ 'කළු පෙට්ටිය[BLACK BOX]'

උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.කාල තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙත වෙඩි තැබුවත් හානි වෙන්නේ නැත.සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක් උණුසුම් තැනක පැය භාගයක් තැබුවත් ක්‍රියා විරහිත නොවේ.අඩි 20000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුණත් කිසිවක් වෙන්නේ නැත.

2011/02/16

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..




අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.


(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].

2011/02/12

ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක්



මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම  ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.


ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.



ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.

2011/02/08

෴ ආත්මය෴



ඔයා හොඳටෝම දන්නවා
මගේ හිත හුඟක් පුංචියි කියලා
ලොකු දුකක් දරා ගන්න බෑ කියලා
මගේ ඇස්වල කඳුළු දකින්න
අකමැති වුණ ඔයා හිතනවද 
මගේ ඇස්වල දැන් කඳුළු නෑ කියලා....

2011/02/04

අභිමානවත් 63 වැනි නිදහස සමරමු.Lets Celebrate 63rd InDePeNdEnCe DaY...!


ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් වූ අපි 63 වැනි නිදහස් දිනය මෙසේ සමරන්නේ මහත්වූ අභිමානයෙනි.එදා 1948 අපේ ජාතික වීරයින් දහඩිය, ලේ, කඳුළු කැපකර ලබා ගත් නිදහස, වඩ වඩාත් ශක්තිමත් වෙමින් නිවහල් රටක එකම ජාතියක්, එකම කොඩියක් යටතේ ජීවත් වන්නට උරුමකම් ලැබී ඇත.


එසේ නිවහක් රටක ජීවත් වෙමින් අභිමානවත් ලෙසින් නිදහස් දිනය සමරන අද දිනයේ,