පුංචි කාලේ ඉදලම පොත් කියවන එක පුරුද්දක් වශයෙන් මම කරපු දෙයක්.මෙහෙම කිව්වට මහා ලොකු පොත් ගොඩක් නම් කියවලා නෑ.වෙලාවක් ලැබුණම හොඳයි කියලා පොතක් හම්බුණොත් ඉතිං කියවනවා.ඔහොම පොත් කියවන අතරේ මොකක් හරි වැදගත් කියමන්, ප්රස්ථා වගේ දෙවල් තිබුණොත් පොතක ලියා ගන්නත් අමතක කරේ නෑ.ඒ දේවල් මම විනොදාස්වාදයක් විදියට තමයි කළේ.ඉතිං ඔහොම එකතු කර ගත්තු තොරතුරු ටිකක් ඔයාලටත් කියන්නයි මේ සූදානම.ජීවිතේට ගොඩක් වටින දේවල් තියනවා.ඉතිං මේ දෙවලුත් ජීවිතේට එකතු කර ගෙන ජීවිතේ සතුටින් ගෙවන්න කියලයි මේ ආරාධනය.
මුල්ම ලිපියෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන කියන්නයි යන්නේ.
*අධ්‍යාපනය යනු ජීවිතය හමිවෙහි පැන නඟින අවස්ථාවනට මුහුණදීමේ හැකියාවයි.
-ප්‍රින්ස්ටන් වි.වි. හිටපු සභාපති ආචාර්ය ජෝන් ජී. හිබක-
*අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ අරමුණ දැනුම නොව ක්‍රියාවයි.
-හර්බට් ස්පෙන්සර්-
*අධ්‍යාපනයෙන් ජීවිතය මහා ලොකුවට වෙනස් වන්නේ නැත.ඉන් සිදුවන්නේ ජීවිත ගැහැට වඩා ඉහළ තලයකට ඔසවා තබා ඒවාට නව අරුත් සැපයීමයි.
-ඇමෙරිකානු කිවිවර රොබට් ග්රොස්ටි-
*අධ්‍යාපනය වූ කලි ජීවිතේ තත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාවයි.
-ආචාර්ය ජෝන් ජී. ගිමන්-
*අධ්‍යාපනය යනු මිනිස් සිත අභ්‍යන්තරයෙන් සංවර්ධනය කර ගැනීමයි.එය කළ හැක්කේ බැහැරට ඇද දැමීමෙන් හා භාවිතා කිරීමෙනි.
වටිනා අදහස් කිපයක් යාළුවා..
ReplyDeleteමට ත් නම් පොත් පිස්සුවක් තියෙන්නේ..කියවන්න තියෙනවා නම් කන්න බොන්න වත් උවමනා නැ.. මගෙත් තියෙන පුරුද්දක් තමයි හිතට අල්ලන මොනාම හරි පදයක් තියෙනවා නම් හයි ලයිට් කරන එක ...
ReplyDeleteඔයා අධයාපනය ගැන අරන් තියෙන අදහස් ටික වටිනවා..
@Dinesh & නිම්ශා: ගොඩක් ස්තුතියි
ReplyDelete