මේ ගැන දැන් අපි කවුරුත් දන්නවා.නමින් ඔහු තිලකරත්ත ඩිල්ෂාන්.අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අරම්භක පිතිකරුවා.මුලින්ම ඔහුට සුභ පතන ගමන් එහෙන් මෙහෙන් සොයා ගත්ත විස්තර ටිකක් කියන්න තමයි යන්නේ.
තිලකරත්ත මුදියන්සේලාගේ ඩිල්ෂාන් මුලින් ඉස්ලාම් භක්තිකයෙක්.පසුව ඔහු බෞද්ධ ආගමට පැමිණීමත් සමඟ තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කියන නම තිලකරත්ත මුදියන්සේලාගේ ඩිල්ෂාන් නමට වෙනස් කරලා තියනවා.1976 ඔක්තෝබර් 14 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ.එක් සහොදරයෙක් ඉන්නවා.අධ්‍යාපනය කළුතර විද්‍යාලයෙන්.අපි කවුරුත් දන්න ජනප්‍රිය නිළි මංජුලා තිළිණි සමඟ තමයි විවාහ වෙලා ඉන්නේ.දරු දෙදෙනෙකුගේ පියෙක්.
තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිල්ෂාන් දකුණත් පිතිකරුවෙක්.දකුණත් පිට දඟ පන්දු යවන්නෙක්.නමුත් වැඩි කාර්යභාරයක් පැවරී තිබෙන්නේ පිතිකරුවෙකු වශයෙනුයි.
*ටෙස් වරම සිම්බාබ්බෙට එරෙහිව 1999 නොවැම්බර් 2 වෙනිදා
*එක්දින වරම ඉන්දියාවට එරෙහිව 1999 දෙසැම්බර් 11 වෙනිදා
#මේ ඩිල්ෂා ගැන මට හිතෙන දේ....
සංගා, මහේලගෙන් පස්සේ කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨතම ක්‍රීඩකයා තමයි ඩිල්ෂාන්.මේ වන විට ටෙස් තරඟ 66ක්, එක් දින තරඟ 203ක් හා පළමු පෙළ තරඟ 201කට සහභාගී වෙලා තියනවා.මීට පෙර එක් දින තරඟ 5කට නායකත්වය සපයලා ඉන් තරඟ 3ක් ජය ගෙන තිබෙනවා.ඒ අනුව ඩිල්ෂාන් පළපුරුද්ද අතින් ඉහළින්ම ඉන්නවා.
කෙසේ වෙතත් සංගා, මහේල දෙදෙනාම ඉවත් වීමෙන් පසු නායකත්වය පිළිබඳව ගැටලුවක් පැන නැගුනත්, නායකත්වයට තරඟ කරන්නට කණ්ඩායමේ හිඟයක් පැවතුනා.ඡන්දයක් සඳහා නාමයෝජනා ගත්තානම්, ඒ සඳහා ඩිල්ෂාන්, උපුල් තරංග, සමරවීර, මැතිව්ස් ගේ නම් යෝජනා ලබා දේවි.එයින් සමරවීරගේ හා මැතිව්ස්ගේ කණ්ඩායම තුළ ස්ථානය අස්ථාවර බැවින් අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප වෙනවා.තරංග පළපුරුදු ඇති ක්‍රීඩයයෙකු වුණත් ඔහු පිටිය තුළ එතරම් ක්‍රියාශීලි පුද්ගලයෙකු නොවෙයි.මේ අනුව කිසිදු තරඟයකින් තොරව වාසනාව මත ඩිල්ෂාන් නායකත්වයට පත් වී තිබේ.
පන්දුවට පහරදීම, පන්දු රැකීම මෙන්ම පන්දු යැවීමටත් ඉහළ දක්ෂතා පෙන්වා ඇති අතර පිටිය තුළ ඔහු ඉතා උනන්දුවෙන්,කැපවීමෙන් හා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරයි.අවසාන පන්දුව දක්වාම සටන් කිරීමේ ගුණය ඔහු සතුයි.
නමුත් ඔහු ආවේගශීලි ක්‍රීඩයයෙක්.නායකයෙකුට එය එතරම් ගැළපෙන දෙයක් නොවේ.මොකද නායකත්වය යනු දැඩි වගකීම් සහිත දැඩි පීඩනයක් සහිත කටයුත්තක්.ආවේගශීලි ක්‍රීඩකයෙකු ඉතා ඉක්මණින් පීඩනයට හසු වෙනවා.විශේෂයෙන් නායකත්වය පීඩනයක් යටතේ ක්‍රීඩා කළහොත් එය මුළු කණ්ඩායටම බලපානු ලබනවා.
බොහෝ අවස්ථාවල පන්දුවට පහරදීමේ ඩිල්ෂාගේ ආවේගශීලිත්වය නිසා මානසිකත්වය බිඳීයාමෙන් ඉතා ඉක්මනින් දැවී ගිය අවස්ථාද දකින්නට ලැබුණා.
දැන් ඩිල්ෂාන් කණ්ඩායමේ සිටි දඩබ්බරයා නොවේ.දැන් වගකීම් සහිතය.කෝටි දෙකක ජනතාව වෙනුවෙන්,ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකු මෙහෙයවා රට වෙනුවෙන් කටයුතු කළ යුතුය.ලැබුණු අවස්ථාවෙන් ප්රයෝජනගත යුතුය.අපට නැවත වතාවක් ලෝක ශූරයන් වන්නට නොහැකියැයි ඇති මතය දුරු කළයුතුය.
නව නායකත්වයට උණුසුම් සුභපැතුම්...!
ඩිල්ෂාන් ඇතුළු අපේ ක්‍රිකට් වීරයන්ට ජය....!
හැමදාමත් අපි අපේ වීරයන් සමඟයි...!
බොහෝ දුරට එංගලන්ත සංචාරයෙන් පසුව මැතිව්ස් නායකත්නවයට පත්වෙයි. කව්ද කියන්නෙ ඔහුගෙ කණ්ඩායමේ ස්ථානය අස්ථාවරයි කියල?. එහෙනන් ක්‍රිකට් බලපු නැති කෙනෙක්. සංගක්කාර නායකත්වයෙන් අයින් උනේ ඊලග ලෝක කුසලානය වෙනකොට ඔහුට වයස වැඩි නිසා. එහෙම බලද්දි දිල්ශාන් සංඝක්කාරට වඩා වැඩිමල්. කොහොමද ඹහු නායකත්වයෙ ඉන්නේ?. ආබාධයෙන් පසුව මැතිව්ස් නායකයා වේවි
ReplyDeleteපෑහදිලිවම පවිත්රගේ මතයත් එක්ක මම එකගයි.මෑතිවුස් ගේ ස්තානය අස්තාවර බවක් නම් නෑ මෑතිවුස්ට වුනේ ආබාද නිසා අති වු ප්‍රශ්නයක්,නමුත් එක පාරම මතිවුස්ට නායක කම දෙනවට වඩා උපනායක ස්තානයේ ටික කලක් අද්දෑකීම් ලබීමෙන් පසු දුන්නානම් උචිතයි කියලා තමයි මම හිතන්නේ මොකද අද්දෙකීම අතින් මෑතිවුස් තාම ප්‍රාතමික අවදියේ නිසා
ReplyDelete@Pavithra & අසoක:- ඇත්තටම මැතිව්ස් තුන් ඉරියව් අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්.නමුත් මැතිව්ස්ට දැන්මම නායකත්වය ලබාදීම ඒ තරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි.මොකද මැතිව්ස්ට ඒ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් නොවෙයි.තවම එක්දින තරඟ 50ක් වත් සෙල්ලම් කරලා නෑ.ඔහුට අත්දැකීම් ලබන්නට අවස්ථාව ලබා දිය යුතුය.මොකද තවම මැතිව්ස්ට වයස 24ක් පමණයි.ඒ නිසා අනාගත නායකත්වය ගැන බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්.
ReplyDeleteඅනිත් දේ තමයි දන්න තරමින් සංගා අයින් වුණේ වයස ප්‍රශ්ණයක් නිසා නම් නෙවෙයි.තේරීම් කමිටුවෙයි, ක්‍රිකට් පාලක මණ්ඩලෙයි තිබුණ ප්‍රශ්ණයක් නිසා.වයස ප්‍රශ්ණයක් ආවනම් ඩිල්ෂාත් ඒ සඳහා ගැළපෙන්නේ නෑ.
Graeme Smith was only 22 years and 82 days old when he captained his first international match
ReplyDeleteලංකිකයන් තරුණයින් ගැන හැම තිස්සේම අවතක්සේරුවෙන් බැලුවට අනිත් රටවල් එහෙම නැ..
@Naveen Madhawa:- තරුණයන් ගැන අවතක්සේරුවක් නොවෙයි.සංගා, මහේල වුණත් අඩු කාලයකින් නායකත්වයට පත් වුණා.නමුත් ප්‍රශ්ණේ ඒක නෙවෙයි.ලංකාවේ ක්‍රිකට් තුළට දේශපාලනය රිංගලා.ක්‍රීඩාව කියන්නේ දේශපාලනයත් එක්ක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.දේශපාලනික වශයෙන් උදව් උපකාර ඕනේ.නමුත් මැදිහත් වීම් වලින් තොරවිය යුතුය.
ReplyDelete