(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/04/13

මයික්‍රොසොෆ්ට් දුන්න අලුත් තෑග්ග I.E 9


වින්ඩෝස් භාවිතා කරන අයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුත් වෙබ් බ්‍රවුසරය පසුගිය මාර්තු 14 වෙනිදා හඳුන්වලා දුන්නා.ඒ අයිඊ9 [I.E 9]. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නම් කරලා තියෙන්නේ "අන්තර්ජාලයේ අසිරිය හොඳින් නරඹන්නට ඇති මඟ [Welcome to a more beautiful web]" යනුවෙන්.ඕනෑම වින්ඩෝස් සංස්කරණයකට පහසුවෙන් භාවිතා කරන්නට හැකි වන පරිදි මෙය සකසා තියනවා.දැන් ඕනෑම කෙනෙකුට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම මෙතැනින් බා ගන්න[I.E 9-Free Download Here].


ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් කලින් තිබූ වෙබ් බ්‍රවුසර්වලට වඩා නව බ්‍රවුසරයේ ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් 7 වලට හරියටම ගැලපේ.මීට අමතරව නව වෙබ් බ්‍රවුසරයේ තිබෙන ගුණාංග කීපයකි.


ටැබ් බ්‍රවුසිං

එකම වින්ඩෝව තුළ වෙබ් අඩවි කීපයක් විවෘත කිරීමේ හැකියාවයි.ඒ සඳහා එකිනෙකට ටැබ් සැකසේ.මවුසයෙන් අල්ලා එහා මෙහා ගෙන යා හැක.


ඇඩ්‍රස්බාර් සර්චිං
වෙබ් ලිපිනය දැක්වෙන ඇඩ්‍රස් බාර් එකේම, සර්ච් වින්ඩෝවක් ලෙස යොදා ගැනීමේහැකියාව ඇත.මෙහි වෙබ් ලිපිනය ටයිප් කළහොත් කෙළින්ම වෙබ් අඩවියට යා හැකිය.වච්චයක් ටයිප් කළවිට ඊට අදාළ වෙබ් අඩවි ලැයිස්තුව පෙන්වයි.


වෙබ් අඩවි රඳවා ගැනීමේ හැකියාව 

ටාක්ස්බාරය වෙත පින් [PIN] කිරීමේ හැකියාව මෙයින් අදහස් කරයි.


ආරක්ෂාව සහතික කිරීම
හැකර්කරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ උපක්‍රම[Tracking Protection] යොදා තිබේ.ඒ වගේම ඇක්ටිව් එක්ස් වෙබ් අඩවි පෙරා හැරිය හැකි පහසුකම් ද [Active X Filter] නව I.E 9 සතුව පවතී.


ඒ වගේම විශේෂයෙන්ම නොටිෆිකේෂන් බාර් හා ඩවුන්ලෝඩ් මැනේජර් පහසුකමද නව I.E 9 හි දක්නට ලැබේ.


දැනට ඇති අනෙකුත් වෙබ් බ්‍රවුසර්වල තිබෙන සියළු පහසුකම් නව I.E 9 හි දක්නට ලැබේ.මෙම වෙබ් බ්‍රවුසරය භාෂා 30 කින් ඉදිරිපත් කර තිබෙන අතර පසුගිය මාර්තු අග වන විට ලොව පුරා කෝටි 45 සෙනඟ I.E 9 වෙබ් බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කර ගෙන ඇති බව වාර්තා වේ.


එහෙනම් I.E 9 එක්ක ඔයාලත් අලුත් වෙලා බලන්න.ජය....!


--විජය පරිඝණක සඟරාව ඇසුරින්--




3 comments:

  1. එල එල.මමත් මේක සති දෙකහමාරකට විතර උඩදී බාගත්තා. මේ පෝස්ට් එකේ තව දෙයක් අඩුයි. මේ සැරේ අලුතෙන්ම දීල තියෙන මේ 9වෙනි සංස්කරණය අනිත් සංස්කරණ වලට වඩා වේගයෙන් අතින් ගත්තොත් වේගය වැඩිය. නියමයි පෝස්ට් එක.සුභ පැතුම්

    ReplyDelete
  2. @BlogShan:-අහ්.. ඔව් ඒ කතාව ඇත්ත.අළුත් I.E9 වේගය අතිනුත් ඉදිරියෙන්ම ඉන්නවා.ස්තුතියි යාළු ප්‍රතිචාරයට

    ReplyDelete
  3. කවුරු කොහොම මොනව කියල අන්දල ඔය කුණුගොඩවල් ඇඟේ ගන්න හැදුවත් ගූගල් ක්‍රොම් එකට ගහන්න එකක් ආයෙ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ....
    අනික රොකට්මෙල්ට් එක. ඒකයි ක්‍රොම් එකයි තමා හොඳම බ්‍රොව්සර්

    ReplyDelete