දෙවන වරටත් ලෝක අනුශූරයන් වූ සංගා ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම සුභ පැතුම් එකතු කරන්නට කැමතියි.
ලෝක කුසලාන තරඟාවලිය අවසන්.අප සියළු දෙනාගේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබුවත් අපිට හිමිවූයේ නැවත් වරක් අනු ශූරයන් වී ආපසු පැමිණීමටය.
සියල්ල සිදු වී හමාරය.නැවත් වරක් ලෝක කුසලානයක් වෙනුවෙන් සිහින දැකීමට 2015 වන තෙක් බලා සිටීමය සිදුවේ.එය එසේ වුවත් අපේ ක්‍රිකට් අදින් නතර නොවේ.2015 වනතෙක් වෙනත් තරඟාවලීන් සඳහා අපට මුහුණ දීමට සිදුවේ.ඒ සඳහා අපි සූදානම් විය යුතුය.සිදුවූ වැරදි අඩුපාඩුකම් හදා ගත යුතුය.තිබූ දක්ෂතා වැඩුදියුණු කර ගත යුතුය.
2007 දී අපි ලෝක අනුශූරයන් වූයේ මෙවර මෙන් සුන්දර මාර්ගයකින් නොවේ.මෙවර මෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර තුබුණේ නැත.වාසනාව රැදී තිබුණේද නැත.නමුත් 2007 කණ්ඩායම මෙවර කණ්ඩායමට වඩා සමබරය.
මෙවර අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් කීපදෙනෙකුගේ ඉහළ දක්ෂතාවයන් තිබුණත් ඊටත් වඩා අපිට වාසනාව බලපෑවේය.අවසන් තරඟය හැර තරඟාවලිය පුරාවට අපිට අභියෝග කළේ සාමාන්‍ය රටවල්ය.අභියෝගයට තිබූ ඕස්ට්‍රේලියා තරඟයට වර්ෂාවෙන් බාදා විය.එයද අපට වාසනාව ගෙන දුන්නේය.අවසන් තරඟයේ පළමු ඉනිම තෙක් අපිට වාසනාව ගෙන දුන්නේය.දෙවන ඉනිමේ අපේ ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ වාසනාව පැන ගියේය.
හැමදාම වාසනාව ගෙන දෙන්නේ නැත.අපි අපේ හැකියාවන් දියුණු කර ගත යුතුය.අඩුපාඩුකම් හදා ගත යුතුය.
අපේ මුල් පෙළ පිතිකරුවන් ගැන ගැටලුවක් නැත.සනත් වෙනුවට ඩිල්ෂාන් ආදේශ වී හමාරය.ඔහුට නොදෙවෙනි සහයක් තරංගගෙන් ලැබේ.සංගා හා මහේල ඕනෑම පීඩනයකට ඔරොත්තු දෙයි.ඔවුන් දෙදෙනාද ඉතා ඉහළ මට්ටමෙන් තම දක්ෂතාවයන් පෙන්නුම් කරමින් සිටී.සනත් වෙනුවට ඩිල්ෂාන් ආදේශ වීමත් සමඟ අපේ මැද පෙළ පිළිබඳව ප්‍රබල ගැටළුවක් ඇත.අපේ මැද පෙළ තරමක් දුර්වලය.සමරවීරට ස්ථාවර වීමට වැඩි කාලයක් ගත වේ.එය බොහෝ විට එක්දින තරඟ සඳහා විශාල අවාසියකි.සිල්වා හා කපුගෙදර දෙදෙනාගේම වෙනසක් නැත.සිල්වා තරඟාවලිය පුරාම අසාර්ථකය.කපුගෙදරද ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත.මේ ගැන අනිවාර්යෙන්ම සලකා බැලිය යුතුය.
මැතිව්ස් ගැන ගැටළුවක් නැත.ඔහුගේ තැන ස්ථාවරය.වාස්ගේ මහරුෆ්ගේ අඩුම අකාමකා දමන්නට හොඳම සොයා ගැනීම මැතිව්ස්ය.අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙකි.තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් පන්දුකරණයට වඩා වැඩි දෙයක් පිතිකරණයෙන් මැතිව්ස්ගෙන් ලබා ගත හැකිය.පන්දුවට පහර දීම සඳහා ඔහුට ලැබුණු අවස්ථාවන් අඩුය.එසේ වුවත් ලැබුණු හැම අවස්ථාවකින්ම ඔහු උපරිම ප්‍රයෝජන ගත්තේය.අංක 7 වෙනුවට නොව සංගා මහේලගෙන් පසුව හෝ අංක 3 සඳහා මැතිව්ස්ට අවස්ථාව ලබාදිය යුතුයැයි මගේ හැඟීමයි.
වේග පන්දු බල ඇණිය ගැන කතා කළ යුතුමය.කුලසේකර හොඳ මට්ටමක සිටී.ගිය වසරේ අංක එකේ වේග පන්දු යවන්නා ඔහුය.ලෝක කුසලාන තරඟාවලිය පුරා හොඳින් පන්දු යැව්වේය.ලෝක කුසලාන අවසන් තරඟයට පෙර තරඟ දෙකම කුලසේකර විවේක ගැන්වීම ලංකාවට සුභ ඵල ගෙන දුන්නේ නැත.එයින් සිදුවූයේ කුලසේකරගේ රිද්මයට බාධා වීම පමණි.අවසන් තරඟයේ පන්දු යවන්නෙකු වශයෙන් කුලසේකර සාර්ථක නොවීමට එක බලපෑවේය.නමුත් කුලසේකර හොඳ මට්ටමක සීටී.
වේග පන්දු බල ඇණියේ ප්‍රබලයා මාලිංගය.මාලිංගද හොඳඉන් පන්දු යැව්වේය.වේගය හොඳය.එල්ලය හොඳය.මීටත් වඩා සංයමයකින් යුතුය පන්දු යවන්නේ නම් මාලිංගට ලොව අංක 1 වීමට කිසිදු තරඟයක් දෙන්නට කෙනෙක් නැත.ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
මේ දෙදෙනාට අනඟි සහයක් මැතිව්ස්ගෙන් ලැබේ.ඒ ගැන විවාදයක් නැත.
දඟ පන්දු යවන්නන්ගේ හදවත අපට දැන් අහිමිය.ලොව අංක එකේ දඟ පන්දු යවන්නා මුරලි පිටියෙන් සමුගෙන හමාරය.ඔහුගේ තැන ගන්නට අඩුව මකන්නට මෙන්ඩිස්ට, රංගන හේරත්ට හෝ රන්දිව් ට සිදුවේ.ඒ සඳහා මෙන්ඩිට වැඩි වගකීමක් ඇත.මෙන්ඩිස් හොඳ පන්දු යවන්නෙකි.අළුත් හත්හදා බැලීම් සමඟ පන්දු යවන්නට යොමු වෙනවානම් හොඳ ප්‍රතිඵල ගන්නට හැකිය.
රංගන හේරත්ට වඩා රන්දිව් කණඩායමට එක් වෙනවානම් හොඳයැයි මගේ මතයයි.රන්දිව්ගේ පිතිකරණයත් ඉතා ඉහළ මට්ටමක පවතී.එයිනුත් අපිට හොඳ ප්‍රතිඵල නෙළා ගත හැකිය.පන්දු යැවීමෙන් රන්දිව්ට තවමත් අත්දැකීම් අඩුය.නමුත් කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් ඔහුගෙන් ලබා ගර්ත හැකිය.ඒ නිසාම ඔහුට අවස්ථාව ලබා දිය යුතුය.
දඟ පන්දු යවන්නෙකු වශයෙන් ඩිල්ෂාන්ද අනඟි මෙහෙයක් කණඩායමට ඉටු කරයි.අතිරේක පන්දු යවන්නෙකු වශයෙන් එදා සනත්ගේ වගකීම අද ඩිල්ෂාන් ඉටු කරමින් සිටී.එය සතුටට කරුණකි.
අපේ පැවති විශාලම දුර්වලතාවය පන්දු රැකීමයි.මේ ගැන 100% ක්ම අවධානය යොමු කළ යුතුය.
ආසන්නම තරඟාවලියක් සඳහා කණ්ඩායම මෙසේ විය යුතුයැයි මගේ අදහසයි.
1.තරංග 7.රන්දිව්
2.ඩිල්ෂාන් 8.හේරත්
3.සංගා 9.කුලසේකර
4.මහේල 10.මාලිංග
5.මැතිව්ස් 11.මෙන්ඩිස්
6.සමරවීර
සැ.යු:- පෞද්ගලික අදහසකි.සංවාදයට විවෘතයි.
අපෙ කණ්ඩායම හොද කණ්ඩායමක්.. ඒත් එදා වාසනාව අපි ලග තිබුනේ නැහැ..
ReplyDeleteඇත්තටම අපේ අයට හොඳ ගේමක් තියන මැච් එකක් කලින් සෙට් වුනේ නැහැ , ඒත් ඉන්දියාව ෆයිනල් ආවේ ලොකු තරඟකාරිත්වයක් එක්ක , ඒක අවසන් තරඟයෙ පීඩ්නය අඩු කරගන්න ඒ අයට ලොකු උදව්වක් වුනා , ඔයා නම් කරල තියන කණ්ඩායමේ තිලාන් හා හේරත් ට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ
ReplyDelete@Dinesh:- ඔව්.. ඒක ඇත්ත.ඒත් හැමදාම වාසනාවෙන් දිනනකම් බලන් ඉන්න බෑනේ.අපේ උපරිමයෙන් කරන්න ඕනේ.ඉන්දියාව අවසන් තරඟය දක්වා ආවේ වාසනාව නිසා නෙවෙයි.එයාලගේ කැපවීම නිසා.ඉන්දියාව අවසන් තරඟයට ආවේ හොඳම කණ්ඩායම් එක්ක තරඟ කරලා.වාසනාව වැඩ කරන්නේ අපේ කැපවීම මතයි කියලයි මටනම් හිතෙන්නේ.
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට....:ඩී
@buwa:- කතාව ඇත්ත.ස්තුතියි....ඩී
තිලාන් හා හේරත් වෙනුවට ඔබ නම් කරන්නේ කවුද කියලත් දැන ගන්න කැමතියි.
1.තරංග
ReplyDelete2.ඩිල්ෂාන්
3.සංගා
4.චන්දිමාල්
5.මහේල
6.සමරවීර
7.මැතිව්ස්
8.රන්දිව්
9.කුලසේකර
10.මාලිංග
11.මෙන්ඩිස්
මෙන්න අපේ ඉදිරි එක්දින කන්ඩායම. මීට අමතරව
12.ජීවන් මෙන්ඩිස්
13.තිසර පෙරේරා
යන ක්‍රීඩකයින්වත් සංචිතයට ඇතුලත් කරන්න පුලුවන්.
cricket future eka gana hithanakota samaraveerawa danna puluwanda
ReplyDeletemenna mage squad eka
opening>>>
dilshan,tharanga,chandimal,denuwan rajakaruna
middle order>>>
sanga,mahela,bhanuka rajapaksha,jeewan mendis,rumesh buddhika
all rounders>>>
mathews,tisara perera,chathura peris,sachithra senanayake(spinner)
spinners>>>
randiv, mendis, seekkuge prasanna(arny team)
seamers>>>
malinga.kulasekara,charith jayampathi,nuwan pradeep,
me squad eka gana oyalage comment danna
9
අනාගතය ගැන හිතනකොට සමරවීර හා චාමර සිල්වා සුදුසු නෑ. මෙන්න මගේ කණ්ඩායම
ReplyDelete1.තරංග
2.ඩිල්ෂාන්
3.චන්දිමාල්
4.සංගා
5.මහේල
6.කපුගෙදර
7.මැතිව්ස්
8.රන්දිව්
9.කුලසේකර
10.මාලිංග
11.මෙන්ඩිස්
අවස්ථාවට අනුව තිසර වත් මෙතෙනට දාන්න පුළුවන්.
ඊට අමතරව භානුක රාජපක්ෂත් හොඳ තේරීමක්.
ජීවන් මෙන්ඩිස් හා නුවන් ප්‍රදීප් සංචිතයේ තබා ගත යුතු ක්‍රීඩකයන්.
1.Tharanga
ReplyDelete2.Dilshan
3.Sanga
4.Dinesh
5.Mahela
6.Mathews
7.Randiv
8.Thisara
9.Kulasekara
10.Malinga
11.Ajantha
12.Rangana
13.Nuwan Pradeep
@All Anonymous & චතුරංග පෙරේරා:- මේ ප්‍රතිචාර වලින් මෙන්ම නම් කරලා තියන ක්‍රීඩකයන් දැක්කම පේනවා අපිට හොඳ ක්‍රීඩකයන් ඉන්න බව.නවකයින්ට අවස්ථාව ලැබිය යුතුයි.එහෙන වුණොත් තමයි අපේ ක්‍රිකට් අනාගතයට ගෙනියන්න පුළුවන් වෙන්නේ.ක්‍රිකට් වලට ආදරේ කරන රටට ආදරේ කරන අපි හැමෝගේම බලාපොරොත්තුව තමයි අපේ පුංචි රටේ නම ලොකේ ඉහළින්ම බැබළෙනවා දකින්න.
ReplyDeleteඅපි සිංහයෝ... ඒ බව මුළු ලෝකයට දැනෙන්න දෙන්න ඕනේ.අපේ ක්‍රිකට් වීරයින්ට සදා ජය...!