(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/10/29

මට කියන්න 'මං ඔයාගෙමයි' කියලා...


මට කියන්න
එකම එක වතාවක්
'මං ඔයාගෙමයි' කියලා
මේ අහිංසක ඇස් දිහා 
බලාන...

2011/10/23

යාළුවනේ ලොකු උදව්වක් ඕනේ..

යාළුවනේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා.ඒ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මට මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ.මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.


කලින් use කරපු  pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.

මේ තියෙන්න ඒ මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.

මගේ කලින් තිබුණ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරපු නිසා මම හදා ගත්ත මේ අළුත් එකවුන්ට් එකේ වැඩි ආරක්ෂාවට Login Approval එකක් විදියට මගේ ෆෝන් එකට [මොබිටෙල්]   security code එකක් එන විදියට හදලයි තිබුණේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මගේ ෆොන් එකට [මොබිටෙල්] security code එක එන්නේ නෑ.

මේ මැසේජ් එකෙ යටම තියනවා Other options යටතේ Contact our User Operations team කියලා.ඒකට ගියාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.

මේකේ විස්තර පුරවලා යැවුවම මට ඊ-මේල් එකක් ආවා.ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.ඒකේ තියෙන්නේ ලොග් වෙන තැනට යන්න ලින්ක් එකක් විතරයි.එතනට ඊ-මේල්, පාස්වර්ඩ් දුන්නම ආයෙත් මේ වගේම වෙනවා.

මගේ ෆේස්බුක් එකවුන්ට් එක හදාගන්න මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට උදව් කරන්න.

2011/10/18

~~අහිමි පෙමට~~


නිසලව එක විටෙක
චංචලව තව විටෙක
සැමදාම ගලා යන නදියකි..
කෙදිනක හෝ නුඹේ ඉවුරු
එකිනෙකට හමුවීද ?

2011/10/14

හිතවත් කතරේ...

මානසික රෝගීන්ද අපි වැනිම මනුෂ්‍යයෝය.මේ ඔවුන්ට අපහාස කිරීමට හෝ ඔවුන් පහත් කොට තැකීමට නොව හුදෙක් රසාශ්වාදය සඳහා පමණි.


හිතවත් කතරේ...
දිනක් පිස්සන් කොටුවේ වැඩ කරන දොස්තරවරයෙකුට පිස්සෙක් ලියුමක් තැපැල් කිරීම සඳහා ලබා දෙන ලදී.දොස්තරවරයා ගිහින් බලනකොට ඒකේ ලිපිනයක් තිබුණේ නෑ.ඒ නිසා ලියුම කඩලා බලන්න තීරණය කරා.බලද්දී මේ ලිපිය ලියලා තියෙන්නේ කතරගම දෙවියන්ට.ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා.

2011/10/12

දුම් බොන්නන්ගේ "දුම් රටා" [Smoking]


දුම් බීම නම් ඒ තරම් හොද පුරුද්දක් නෙවෙයි.රජයේ අවවාදය දුම් බීම හෘදයාබාධ ඇති කරයි කියලා කිවුවට පුරුද්දක් වශයෙන් දුම් බොන මිනිස්සු ඕන තරම් ඉන්නවා.කොහොම වුණත් දැන් දැන් දුම් බොන්නන්ගේ ප්‍රවණතාවය අඩු වේගෙන එක එකනම් සතුටට කරුණක්.


ඒ දේවල් කොහොම වුණත් මේ කියන්න යන්නේ වාතයට මුසුවෙන දුම් වලින් මැවෙන අපූරු රූ රටා කිහිපයක් ගැන.මේ පින්තූරු ටික මම ගත්තේ මට ලැබුණු ඊ-මේල් පණිවිඩයකින්.බලන්න හොදද කියලා.

2011/10/06

~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~


"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?

2011/10/03

සියදිවි නසා ගැනීමේ ක්‍රම[Suside Methods]

"සියදිවි නසා ගැනීම" එහෙම කිව්වම ටිකක් බරපතල කාරණාවක් තමයි.ඒත් එතිං එහෙම දේවලුත් සිද්ධ වෙනවනේ.මේ තියෙන්නේ ඒ වගේ සියදිවි නසා ගන්න පුළුවන් ක්‍රම 6ක්.මට ලැබුණු ඊ-මේල් එකකින් තමයි ගත්තේ.එහෙනම් බලලා ඔයාලගේ අදහසුත් එකතු කරන්න.

2011/10/01

ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස

අද ඔක්තෝබර් පළවෙනිදා.අද පුංචි ළමයින්ගේ දිනය.ඒ ලෝක ළමා දිනය අදට යෙදිලා තියන නිසා.ඒ වගේම තමයි අද අපේ වැඩිහිටියන්ගේ දිනය.ඒ ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදිලා තියන නිසා.මේ අනුව බලද්දී අද දවස බාල මහලු හැමෝටම එකතුවෙලා සමරන්න පුලුවන් දවසක්.ඒ කියන්නේ අද දවස තමයි ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස.


ඉතින් ලෝක ළමා දිනය වෙනුවෙනුත්, ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනුත් ලෝකේ පුරාම විවිධ සැමරුම්, ප්‍රීති උත්සව, වැඩසටහන් සංවිධානය වෙනවා.විශේෂයෙන් වැඩිහිටි නිවාස හා ළමා නිවාස මුල් කරගෙන රටපුරා උත්සව සංවිධානය වෙනවා.

නමුත් හිතන්නට පුංචි කරුණක් පෞද්ගලික අදහසක් විදියට ලියා තබන්නට කැමතියි.

අද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම සෑම අතිකින්ම ඉතා සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටිනවා.එය සතුටට කරුණක්.ඒ වගේම තමයි රට පුරා ළමා නිවාස හා වැඩිහිටි නිවාස වල වර්ධනයත් වැඩිවෙමින් පවතිනවා.ශ්‍රී ලංකාව වගේ බෞද්ධ ආගමික රටක ළමා නිවාස හා වැඩිහිටි නිවාස වල වර්ධනය එතරම් හිතකර තත්වයක් නොවන බවයි මගේ අදහස.මෙය ලාංකිකයන් වශයෙන් කණගාටු විය යුතු කරුණක් වගේම, දැඩි අවධානයක් යොමු කළයුතු කරුණක්.

ඒ වගේම තමයි මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන අනෙක් කරුණ වන්නේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ.ඒ විතරක් නොවෙයි අද වැඩිහිටියන් පවා අපයෝජන වන තත්වයක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.මෙයද හිතකර තත්වයක් නොවන බව ඔබද පිළිගන්නවා ඇති.

ඉතිං ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, ළමයින් වශයෙන් මෙන්ම වැඩිහිටියන් වශයෙනුත් අපි අපේ දිනය සමරන අද දවසේ මේ ගැනත් සිත් යොමු කළයුතු යැයි මම අදහස් කරමි.මේ තත්වයන් අවම කර ගනිමින් සාරධර්ම සපිරි රටක් වෙනුවෙන් සටන් කළ යුතුය.ඒ වගේම මෙය අද දවසට පමණක් සීමා නොකළ යුතුය. 

කෙටියෙන් වුවත් මා කියන්නට ගිය කරුණ ගැන ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි.ඉතිං මේ ගැනත් සිතන්නට ඔබට ආරාධනා කරමින් වැඩිහිටියන්ටත් අපේ පුංචි ළමයින්ටත් අද දිනය සතුටින් සමරන්නට ප්‍රාර්ථනා එකතු කරමි.