නිසලව එක විටෙක
චංචලව තව විටෙක
සැමදාම ගලා යන නදියකි..
කෙදිනක හෝ නුඹේ ඉවුරු
එකිනෙකට හමුවීද ?
සැමදාම සයුරු ඉම
සිප ගනිමින් වැළපෙන
රළ පෙළ..
කෙදිනකවත් වෙරළේ තනියට
නුඹ රැදුනිද ?
නුඹ රළකි ඉවුරකි
මා නදියකි වෙරළකි
එසේ නම් කෙදිනකවත්
නුඹ මගේ තනියටවත්
මම නුඹේ තනියටවත්
හමුවුවද
කිසිදාක ළග නොරැදෙනු ඇත...
ඇයි එහෙනං බලාපොරොත්තු තියා ගන්නෙ .......
ReplyDeleteදුක් සීන් එකක් නේ !!!!
ReplyDeleteඅහිමි වෙන බව දැන දැනත් තවත් ඒ මත්තෙම ඉන්න එක වැඩක් නෑ සහෝ !!!!
ReplyDelete