(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/11/03

මේ ඉර හඳ යට හමුවී........



දන්න කාලේ ඉඳලම අපි ගොඩක් ආදරෙන් දයාවෙන් හිටියා.ඒත් අද ඔබ ඉන්න තැනක් මා ඉන්න තැනක් කවුරුවත් දන්නේ නෑ.අඳුරන්නේ නැති පෙම්වතුන් විදියට අපි ජීවිතේ ජය ගන්න උත්සහ කරනවා.ඉස්සර ලඟ පාත හිටපු කවුරුත් දැන් පේන්න නෑ.ඒත් අපි වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් හෙලන්න පුළුවන් කඳුළු තාමත් ඉතිරි වෙලා තියනවා.
මේ ඉර හඳ යට හමුවී
කථා කරපු අය
සෙනේ  වඩපු අය
ළඟ පාතකවත් නෑ....


අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා....

දැන හඳුනාගත් කාලේ ඉදලා
ලබැදි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා......


ගේය පද- රඹුකන සිද්ධාර්ථ හිමියන්
සංගීතය- එම්.ආර්. චූලසිංහයන් 
ගායනය- එඩ්වඩ් ජයකොඩි මහතා

3 comments:

  1. ලස්සන සිංදුවක්.

    ReplyDelete
  2. මාත් ආස සිංදු වලින් එකක්.

    ReplyDelete
  3. ඔව් ඇත්ත ගොඩක් ලස්සන සිංදුවක්..


    batti & මධුරංග: - ස්තුතියි ප්‍රතිචාර වලට

    ReplyDelete