(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/06

කරදර නැති avast ඇන්ටි වෛරස් ආරක්ෂකයා

වෛරස් ගාඩ් ගැන හැම තැනම කතා වෙනවා.ඒත් සමහර අයට මේක ඇලජික් මාතෘකාවක්..දවසින් දවස වෛරස් ගාඩ් මාරු කරලා එපා වෙලා නේද..?
ඒත් හරියට හරියන එකක් සෙට් උනේ නෑනේ..

ඔන්න දැන් ඒ කරදරෙත් ඉවරයි..සමහර විට මේ ගැන දන්නවත් ඇති.පාවිච්චි කරනවත් ඇති.නොදන්න අයත් ඉන්නවානේ.එයාලට තමයි මේ කතාව.

avast ඇන්ටි වෛරස් මෘදුකාංගය.නොමිලේ දෙන වෛරස් ගාඩ් එකක්.ෆයිල් එක ලොකුත් නෑ,අනිත් වෛරස් ගාඩ් වගේ රැම් එකට හාඩ් එකට ලෙඩ දාන්නෙත් නෑ.
නොමිලේම ලියාපදිංචියත්[Register] හම්බෙනවා.නොමිලේම අප්ඩේට් එකත් දා ගෙන ඉන්න පුලුවන්.

දා ගෙනම බලන්න,හොදද කියලා.

මෙතනින් බා ගන්න[download here].
තියන වෛරස් ගාඩ් එක අයින් කරලා රී-ස්ටාට් කරලා avast එක ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ කෝකටත් කියලා තව පාරක් රී-ස්ටාට් කරලා ඕපන් කරන්න බලන්න.

දැන් වම් පැත්තෙ තියන Maintenance කියන option ක්ලික් කරලා Registration කියන එකට යන්න.ඉන්ටනෙට් තියනවනෙ,නම-ගම විස්තර දීලා රෙජිස්ටර් වෙන්න.

ඔන්න හරිනේ..... අවුරුද්දකට ලියාපදිංචිය හම්බුනානෙ.හරි ගියේ නැත්තම් බලන්න e-mail එක චෙක් කරලා.avast එකෙන් key එකක් එවලා ඇති.ඕනනම් ඒක එන්ටර් කරලත් වැඩේ කර ගන්න පුලුවන්.

දැන් ඉතිං අප්ඩේට් එක.නෙට් එක තියනවනම් දවසට තුන් හතර පාරක් ඔටෝ අප්ඩේට් වෙනවා.අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගෙන ගිහිං උනත් දා ගන්න පුලුවන්.

අවුරුද්දකට පස්සෙ ආයෙත් අර විදියටම රෙජිස්ටර් කර ගන්න පුලුවන්.

2 comments:

  1. මම පාවිචිචි කරන්නෙත් avast anti virus ‍එක.කිසිම කරදරයක් නැ..

    ReplyDelete
  2. මමත් avast තමයි.මගේ එක 2038 දි තමයි expire වෙන්නෙ :D
    ඇත්තටම කිසිම කරදරයක් නැහැ.slow වෙන්නෙත් නැහැ.harmful web sites වුනත් block කරනව.මම දැන් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනව.කිසි අවුලක් නැහැ.

    ReplyDelete