(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/20

පෙන්ඩ්‍රයිව් එකේ දා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය

අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ තවත් අළුත් මෘදුකාංගයක්.මෘදුකාංගයක් කිව්වට ඇත්තටම මේක මෙහෙයුම් පද්ධතියක්[Operating System].ලිනක්ස් පාදක කරගත් මේ මෙහෙයුම් පද්ධතිය නම් කරලා තියෙන්නේ "ස්ලිටාස්[SliTaz]" නමින්.

ඔයාලා දන්නවනේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සුළුපටු මෘදුකාංගයක් නෙවෙයි.විශාල ධාරිතාවයක් තියෙනවා.ඒත් මේ සාම්ප්‍රදායික මෙහෙයුම් පද්ධතිවලට විකල්පයක් ලෙස, එදිනෙදා වැඩ ලේසියෙන් කර ගන්නේ පුළුවන් මේ කුඩා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ.මෙහි ධාරිතාවය 30MB ක්.සීඩී[CD] එකක හරි යූඑස්බී ඩ්‍රයිව්[USB Drive] එකක හරි ගෙන යන්නත් පුළුවන්.ක්‍රියාත්මක කරන්න පරිඝණකයේ තියෙන්න ඕනේ 100MB ක් විතරයි.

පැරණි පරිඝණකයකින් වුණත් ඉන්ටනෙට් එක්ක සම්බන්ධ වෙන්න 'මිඩෝරී' නමින් වෙබ් බ්‍රවුසරයක් තිබෙනවා.ෆයර්ෆොක්ස්, ක්රෝම් එක්ක වුණත් යොදා ගන්න පුළුවන්.
ඕඩියෝ හැසිරවීමට ඇල්සා මික්සර් [Alsa Mixer] මීඩියා ප්ලේයරය සහිතයි.එමඟින් සීඩී කියවීමටත් [Play], ලිවීමටත්[Write] පුළුවන්.මෙහි ඩේටාබේස් එන්ජින් එක වන්නේ එස්කියුලයිට්[SQ Lite].ඕපන් බොක්ස්[Open Box] මාදිලියේ ඩෙක්ස්ටොප් එකක් තියෙනවා.ඉ-මේල්[E-mail] හා චැටිං[Chatting] පහසුකම් ද තියෙනවා.ඒ වගේම තමයි ස්ලිටාස් සමඟ වැඩ කරන තවත් ඇප්ලිකේෂන්ස්[Applications] දහස් ගාණක් ඉන්ටනෙට් හරහා නොමිලේ ලබා ගන්නත් පුළුවන්.
ස්ලිටාස් දියුණු කරන්න පටන් අරන් තියෙන්නේ 2006 දී ක්‍රිස්ටෝපර් ලින්කන් විසින්.මේකට නම දාලා තියෙන්නේ ''Simple Light Incredible Temporary Autonomous Zone '' යන පද ටිකේ මුල් අකුරු වලින්.මුල් වරට මහජනතාවට නිකුත් කරේ 2008 දී.මේ දක්වා ස්ලිටාස් සංස්කරණ තුනක් නිකුත් කරලා තියනවා.පිළිවෙලින් 2008, 2009, 2010 වශයෙන්.මීට අමතරව අළුත්ම සංස්කරණය දැන් දියුණු කරමින් තියනවා කියලා තමයි ආරංචිය.අළුත්ම සංස්කරණය නම් කරලා තියෙන්නේ ''කුකිං[Cooking]" නමින්.

ස්ලිටාස් අළුත්ම සංස්කරණය [SliTaz GNU/Linux 3.0]
මෙතනින් බා ගන්න.[DOWNLOAD HERE]

ස්ලිටාස් හඳුන්වා දීමට නියමිත ''කුකිං[Cooking]" සංස්කරණයේ බීටා සංස්කරණයක්[Beta Version]
මෙතනින් බා ගන්න.[DOWNLOAD HERE]

5 comments:

  1. වටිනා ලිපියක්. වැදගත් තොරතුරක්. ස්තුතියි.
    මම කාලයක් Slax කියන Linux portable එක මගෙ පෙන් එකට දාගෙන හිටිය, නමුත් දැන් නම් නෑ. ඒක ඉතාම වේගවත් සහ සරළයි, මෘදුකාංගත් ගොඩක් තියෙනව. 200MB වගේ තමා ඉඩ යන්නෙ.

    ReplyDelete
  2. කැඩිච්ච කබල් හාඩ් තියෙන PC වලින් ඩේටා කොපි කරගන්න පුලුවන් ද මේකෙන්

    ගොඩාක් වට්නවා සහෝ ලිපිය.. ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  3. @Madhawa Habarakada:- ස්තුතියි සහෝදරයා ප්‍රතිචාරයට.

    ReplyDelete
  4. @සංකලපනා(රුවන්):- ස්තුතියි සහෝදරයා ඔබටත් දැක්වූ ප්‍රතිචාරයට.

    ReplyDelete
  5. Mamath download kala but boot karaganna widiha kiyala denawada?

    ReplyDelete