(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/10/06

~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~


"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?

ඔයා හැර මම මගේ ජීවිතේ වෙන කෙනෙක් ගැන මම බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.හැමදාම ඔයත් එක්ක සතුටින් ඉන්නයි මම බලාපොරොත්තු වුණේ.මම කොච්චර ලස්සන හීන මැව්වද ඔයා ගැන.ඒ හැම හීනයක්ම හීනයක් වෙන බව දැනෙනකොට මගේ පපුව දෑවිලා යනවා.ඒ දවස් වල ඔයා එක දවසක් ඉස්කෝලේ එනනැතුව හිටියත් මට මහා පාළුවක් දැනෙනවා.ඒත් අද ඔයා ඉස්කෝලේ ඇවිල්ලත් ඒ තනිකම මට ඒ වගේම දැනෙනවා.


ඔයා තනිවම විදවන්න එපා.අපි දෙන්නම එකට විදවමු කියපු ඔයාමද අද මට මෙච්චර දුකක් දුන්නේ.මට දුක දැනුන වෙලාවක ඔයා දිහා බලලා වුණත් දුක නැති කරගන්න පුළුවන්.ඒත් අද මට තියන එකම දුක ඔයානම්, මම කොහොමද ඔයා දිහා බලලා දුක නැති කර ගන්නේ.


ආදරය ගැන සුන්දර  විදියට හිතන්න පුළුවන් හිතක් ඔයාට තිබුණා. ඔයාගේ හදවත හරිම සුන්දරයි.ඒ වගේම විවෘතයි.මම කැමතියි ඒ වගේ හිතක ආදරයකට.ඇත්තටම මාව තේරුම් ගන්න පුළුවන් හිතක් තිබුණේ ඔයාට විතරයි.ඔයාගේ හදවතේ ඒ සුවද විදින්න අනේ මං පිං කළා මදිද? "

6 comments:

  1. ආදරය කියන්නේ දුකක් !!!!

    ReplyDelete
  2. ආදරය කියන්නෙ දුකක් විතරක්ම නෙමේ...ආදරය දුකක් වෙන්නෙ අපෙ ආදරය කරන විදිහෙන්...

    ReplyDelete
  3. ආදරය කියන්නේ මහ පුදුම දෙයක්....ගස් ගල් වගේ ඉන්න උං ළදරුවො වගේ වෙනවා...ළදරුවෝ වගේ උන් යක්සයෝ වෙනවා......මේ ආදරේ නිසා......

    ReplyDelete
  4. ආදරය හරි පුදුම දෙයක්... වෙලාවකට සතුටක් අර එනවා... වෙලාවකට දුකක්....

    ReplyDelete
  5. ඇත්ත ආදරය හරියට මුහුද වගේ.වෙලාවකට නිසලයි.තවත් වෙලාවක චන්ඩයි.කොයි වෙලාවේ වෙනස් වෙයිද කියල කියන්න බෑ.

    හැමෝටම ස්තුතියි ප්‍රතිචාර වලට

    ReplyDelete
  6. adare sundarai.eeth e sundarathwayama dawasaka wedanawak unoth?

    ReplyDelete