මහෝඝය විය නුඹේ සෙනෙහස
මගේ ජීවිත ඔරුව පැද යන....
සිහිල් දියවර ඔබම විය මට
ගමන් වෙහෙසට පවස සිඳලන....
සුවඳ මදනල නුඹයි මගෙ ලොව
ගතක් සරසා සිතත් සනසන....
කෙසේ අතහැර යම් ද මම නුඹ
මගේ දිවියම නුඹම වූ විට....
ඉතිං පවසමි නොකී රහසක්
සෙමින් මුමුණා නුඹේ සවනට....
එදා අද හෙට හැම භවයකම
නුඹට පමණයි ආදරේ මම....!
ලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDelete