(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/02/20

සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී......




ආත්ම ගණනාවක් බාධක කම්කටොලු ඔයා මගේ කර ගන්න කොයිතරම් පෙරුම් පිරුවද.. හැමදාම ඔබේ ලගට වෙලා හිනාවෙන්න,ඔයාගේ ආදරේ හැමදාම මගේ කර ගන්න අද මට පුලුවන් වුණේ මම හැමදාමත් ඔයාගේ නමින්ම කැප වෙලා හිටපු හින්දයි.
සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී  . . .
කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී  . . .


නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඈතී  . . .


මාලනී ජයරත්නයන්ගේ ගේය පදයට, රෝහණ වීරසිංහයන්ගේ සත්සර රටාවට, සොදුරු හඩ මුසු කරන්නේ ටී.එම්. ජයරත්නයන් විසිනි.

4 comments:

  1. ලස්සන සිංදුව..

    ReplyDelete
  2. ලස්සන සිංදුවක් මනුවෝ !

    ReplyDelete
  3. ලස්සනයි...

    ReplyDelete
  4. මේ වගේ පරණ සින්දු අහගෙන ඉන්න අපි අදටත් ආසයි නේද? හැබැයි අර කොත්තු කාරයා වචන අහුලාගෙන හදපු සින්දුව වගේ ම අර හිපියෙක් කියන අනේ යන්න එපා (උගේ මනුස්ස කටහඩක්වත් ඇහෙන්නේ නැහැනේ) වගේ ජරාව අද ඇහෙයි. රේටින්වලින් උඩටත් එයි. හැබැයි ටික දවසයි. ඉන් පස්සේ ඇහුණත් ගණන් ගන්නෙ නැහැනේ. ඒ අතින් මේ පරණ ගීත ටික අදටත් අපිට හිතට දැනෙනවා. මේ පරපුරේ අවසානෙත් එක්කම අපිට මතක හිටින සින්දු ඉවරයි නේද?

    ReplyDelete