(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/17

වියපත් මවුස් - අවුරුදු 40 පසු කරයි...!

ක්ලික් කිරීමට එක් රළු බොත්තමක්ද, මහත වයරයක්ද සහිත වූ මෙම උපාංගය හරියට මීයෙකුට සමාන වුණු හින්දා ඉංග්‍රීසියෙන් "මවුස් [ Mouse ] " නමින් නම් කරා.1968 දී මවුසය නිර්මාණය කළේ ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට් විසින්.මුල්ම පර්යේෂණ මවුසය තනා තිබුණේ ලීයෙන්.

ආචාර්ය ඩග්ලස් එන්ගල්බර්ට්ගේ සංකල්පයට අනුව පළමු වරට පරිඝණක මවුසය නිර්මාණය කළේ ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ [SRI-Stanford Research Institute] ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසින්.

ලොව පළමු වරට වාණිජ වශයෙන් මවුසය වෙළඳපොලට ආවේ 1981 දී සෙරොක්ස් ස්ටාර් [Xerox 8010 Star Information System] පරිඝණකය සමඟ.එදා පටන් අද දක්වා මවුසය විවිධ ආකාරයෙන් වෙනස් වෙමින් වෙළඳපොලට එනවා.


වර්ථමානයේ මවුසයේ වලිගය කපා ඉවත් කොට රැහැන් රහිත [Wireless] මවුස නිපදවීමට තරම් තාක්ෂණය දියුණු වී තිබෙනවා.කෙසේ වෙතත් අදටත් ලොව වැඩියෙන්ම නිපදවන පරිඝණක පර්යන්ත උපාංගය [Peripheral] වන්නේ මවුසයයි.

2 comments:

  1. එල මනු අයියා පට්ට පෝස්ට් එක නිතර අතගාන කෙනෙක් ගේ නොදන්නා කතාවක්...

    ReplyDelete
  2. @~RaසිකyA~ :බොහොම ස්තුතියි මල්ලී ප්‍රතිචාරයට

    ReplyDelete