(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/12/03

ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම

ඉන්ටනෙට් භාවිතා කරන අපි හැමෝටම වැදගත් දෙයක්නේ සර්ෆ් [Surf] කරන එක.දන්න භාෂාවෙන් කිව්වොත් සර්ච් [ Search] කරන එක.ඉතිං මේ ගැන ඔයාලට කරුණු ටිකක් කියන්න ඕනේ කියලා හිතුවා.තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න අයට මේ ටික ගොඩක් වැදගත් වෙවි.
ඉන්ටනෙට් තුළින් තොරතුරු සෙවීම ඉංග්‍රීසියෙන් කිව්වොත් ' Surf the net' .ඔයාලා දන්නවනේ මේ වැඩේ ක්‍රම කීපයකට කරන්න පුලුවන්.
බොහෝ විට අපි කරන්නේ සර්ච් එන්ජින් එකේ ටයිප් කරලා එන්ටර් කරන එකනේ.ඇත්තටම සර්ච් එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි.

*විවිධ ලියවිලි [Documents]සහ ඒවායේ අඩංගු වෙබ් අඩවි වල ලිපින සෙවීම සඳහා ඉන්ටනෙට් පීරා බලන්නට සර්ච් එන්ජින් විසින් යොදා ගන්නේ ස්පයිඩර්ස් [ Spiders] කියලා හඳුන්වන පරිඝණක වැඩසටහනක්.මෙහි තෝරා එකතු කර ගත්ත ලියවිලි සහ වෙබ් ලිපින සර්ච් එන්ජිම සමඟ සම්බන්ධ කරලා තියෙන සූචික මෘදුකාංග [Indexing Softwares ]  වෙත යොමු කරනවා.

*සූචික මෘදුකාංග කරන්නේ ලියවිලි වලින් තොරතුරු අරගෙන ඒවා දත්ත සමුදායක [ Data Base] ගබඩා කරලා තියා ගන්න එක.මේක සර්ච් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා.සමහර සූචික මෘදුකාංග මඟින් සියලුම වචන ගබඩා කර ගන්නවා.සමහර සූචික මෘදුකාංග මඟින් කරන්නේ ප්‍රධාන මාතෘකාව පමණක් ගබඩා කරන ඒක.
දැන් කවුරුහරි සර්ච් එන්ජිමක් හරහා මොකක්හරි වචනයකට අදාලව ඉල්ලපු ගමන් කලින් ගබඩා කර ගත්ත දත්ත ගබඩාවෙන් ඒවා හොයා ගෙන වෙබ් නාමාවලියක්[Web Index], ඒවායේ ලින්ක්ස් [ Links] එක්ක ඉදිරිපත් කරනවා.

මේ තියෙන්නේ ඔයාලා දන්න කියන සර්ච් එන්ජින් කීපයක්...

ගූගල් සර්ච් එන්ජිම[Google]

යාහූ සර්ච් එන්ජිම[Yahoo]

එම් එස් එන් ලයිව් සර්ච් එන්ජිම[MSN Live]

ආක්ස් සර්ච් එන්ජිම[Ask]

අල්ටාවිස්ටා සර්ච් එන්ජිම[AltaVista]

No comments:

Post a Comment