(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/15

බ්ලූටූත් තාක්ෂණය[Blueooth Technology]


බ්ලූටූත් අපි කවුරුත් දන්න දෙයක්නේ.බ්ලූටූත් වලින් වැඩ කරන්න අපි කවුරුත් දන්නවා.ඒ කොහොම වුණත් බ්ලූටූත් ගැන දන්න වගේම නොදන්න කරුණු ටිකකුත් කියන්න තමයි මේ සූදානම.
ඉලෙක්ට්‍රොනික් උපාංග එකිනෙක සම්බන්ධ කරන්න විවිධ රැහැන් රහිත ක්‍රම යොදා ගන්නවනේ.ඒ  අතරින් ප්‍රධාන ක්‍රමයක් තමයි බ්ලූටූත් කියන්නේ.ඇත්තටම 'බ්ලූටූත්' වලට ඒ නම වැටුනේ කොහොමද.මුලින්ම කියන්නේ ඒ ගැන.
ක්‍රි:ව: 958 දී ඩෙන්මාක් රටේ 'හෙරල්ඩ් බ්ලූටූත්' කියලා රජෙක් හිටියා.ඩෙන්මාකයත් නෝර්වේ රටේ කොටසකුත් එකට තමයි මොහු පාලනය ගෙන ගියේ.එවකට සිටි ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක් සමඟි කරවපු රජ කෙනෙක්.
1994 දී රැහැන් රහිත බ්ලූටූත් තාක්ෂණය හොයා ගත්තේ අර ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරවපු ප්‍රදේශයේ විද්‍යාගාරයක.රැහැන් රහිත තාක්ෂණයක් ලෝකයේ තිබුණේ නෑ.ඉතිං එදා එකිනෙකට 'සමඟිව' වැඩ කරන්න බැරි උපාංග ගණනාවක් එක්ක 'සමඟිව' වැඩ කරන්න පුලුවන් වුණේ මේ තාක්ෂණය නිසා.හරියට හෙරල්ඩ් බ්ලූටූත් රජු ගෝත්‍රික කණ්ඩායම් සමඟි කරා වගේ.මෙන්න මේ කතාව මුල් කරගෙන තමයි මේ රැහැන් රහිත තාක්ෂණයට "බ්ලූටූත්[Blueooth]" කියලා නම වැටුණේ.
  1994 දී එරික්සන් සමාගමට වැඩ කළ ජෑප් හාට්සන් සහ ස්වෙයා මැටිසන් බ්ලූටූත් තාක්ෂණය සොයා ගත්තා.මුලින්ම එය හැඳින්වූයේ එම්සී ලින්ක්[MC- Link; Multicommunicator link] යනුවෙන්.

මේ තාක්ෂණයේ තියෙන විශේෂත්වය තමයි එකම වෙලාවකදී ඉලෙක්ට්‍රොනික් උපාංග කීපයක් අතර කිසිම බාධාවකින් තොරව කටහඩ[Voice], දත්ත[Data] හුවමාරු කිරීමේ හැකියාව.බ්ලූටූත් කියන්නේ අඩු බලශක්තියකින් වැඩ කරන සන්නිවේදන තාක්ෂණයක්.අනිත් වැදගත් දේ තමයි බ්ලූටූත් තාක්ෂණයෙන් සම්බන්ධ කරන අධෝරක්ත කිරණ[IR rays] යොදා ගන්නා උපකරණ එකිනෙක හරි කෙලින් පිහිටන්න උවමනා නැතිකම.
බ්ලූටූත් තාක්ෂණය  ඕනෑම බාධකයක් හරහා වුවද ක්‍රියාත්මක වෙනවා.මෙහි සන්නිවේදන කලාපය 1m සිට 100m දක්වා පැතිරී යනවා.
වර්ගය         අවසර ලත් ප්‍රබලතාවය mW[dBm]       පරාසය[ m]
         Class 1              100 mW      -       20 dBm                         100m
         Class 2              2.5 mW       -       4 dBm                           10m
         Class 3              1 mW          -       0 dBm                           1 m

මුලින්ම හදුන්වා දුන්නේ Bluetooth 1.0 තාක්ෂණය.මෙය 1Mbps වේගවත්.2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 තාක්ෂණය 3 Mbps තරම් වේගවත්.වර්ථමානයේ හදුන්වා දෙමින් පවතින 'සියැට්ල්' යන කේත නාමයෙන්  හදුන්වන Bluetooth 3.0 තාක්ෂණය 480Mbps  දක්වා වේගවත් වේයැයි ප්‍රකාශ වෙනවා.

No comments:

Post a Comment