(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/17

ලෝකයේ භාවිතා වන වයර්ලස් තාක්ෂණ[Wireless Technology]

ඔන්න අදත්  ඔයාලට පරිඝණක පාඩමක් අරගෙන ආවා.අද කියන්න යන්නේ ලෝකයේ දැනට භාවිතා වන වයර්ල්ස් තාක්ෂණය[Wireless Technology] ගැනයි.සමහර විට දැනටමත් ඔයාලා මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් ඉන්නවනේ.එයාලට මේ ලිපිය ගොඩක් වටිනවා.

බ්ලූටූත් [Bluetooth]
මෙම තාක්ෂණය භාවිතයෙන් අඩි 100ක වටපිටාවක තොරතුරු හුවමාරු කරන්න පුළුවන්.මෙහි ඇති ප්‍රධාන වැදගත්කම වන්නේ එකම අවස්ථාවකදී උපාංග කීපයක් එක්ක තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව.උපකරණ හරි කෙළින් තියන්න ඕනෙත් නෑ.
බ්ලූටූත්[Bluetooth] ගැන වැඩි විස්තර ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.


වයි-ෆයි [Wi-Fi]
මෙහිදී තොරතුරු හුවමාරු වන්නේ රේඩියොඅ තරංග මඟින්.මේ සඳහා වයර්ලස් රවුටරයක් තිබිය යුතුයි.වයි-ෆයි සම්බන්ධය ලබා ගන්න පුළුවන් වෙන්නේ "හොට්ස්පෝට්ස්[Hotspots]" ලෙස හඳුන්වන ක්‍රියාකාරිත්වය තිබෙන ප්‍රදේශ වල පමණයි.

වයිමැක්ස් [Wimax]
ඉන්ටනෙට් සම්බන්ධතා ලබා ගැනීම සඳහා වැඩිපුර යොදා ගන්නවා.ඉතා දුර බැහැර ප්‍රදේශවලට මයික්‍රොවේව් තරංග උපකාරයෙන් තමයි තොරතුරු හුවමාරුව සිදු වෙන්නේ.

එන් එෆ් සී [NFC-Near Field Communication]

මෙමඟින් තොරතුරු හුවමාරු කළ හැක්කේ සෙන්ටිමීටර් කීපයක දුරක් පමණි.

යූ ඩබ්ලිව් බී [UWB]


ඩොන්ගලයක් මඟින් සම්බන්ධතා ගොඩනංවන ක්‍රමයකි.මෙහි උපරිම සීමාව අඩි 30ක් පමණ වෙනවා.මෙය ක්‍රියාත්මක වෙන්නේ අධෝපුළුල් පරාස [Ultra wideband] තරංග වලින්.මෙමඟින් ස්පන්ද [pulses] ලෙස තොරතුරු විශාල ප්‍රමාණයක් හුවමාරු කරන්න පුළුවන්.

No comments:

Post a Comment