මහත වයරයක් සහිත වූ මෙම උපාංගය හරියට මීයෙකුට සමානයි. ඒ අපි කරුවුත් දන්න "මවුස් [ Mouse ] " . මවුස් එක හැදුනේ කොහොමද,ඉතිහාසය ආදී විස්තර මම ඔයාලට කලින් ලිපියක කියලා දුන්නනේ.
බලපු නැති අය ඉන්නවනම් ඒ ලිපිය මෙතනින් බලන්න.
ඒත් අද ඔයාලට අමුතු ගැජට් තුළින් කියන්න යන්නේ අළුතින්ම වෙළඳපොලට ආව ඇසට නොපෙනෙන මවුස් එක ගැනයි.ඇමෙරිකාවේ සවුසෙට්ස් ආයතනය ඉදිරිපත් කළ මෙම උපාංගය නම් කරලා තියෙන්නේ "මවුස්ලස්[Mouseless]" නමින්.නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රනාව් මිස් රි විසින්.
මේ සඳහා විශේෂිත මවුස්ලස් යුනිට් එකක් සවි කළ යුතුයි.මෙය අධෝරක්ත[IR] උපාංගයක්.එහි අධෝරක්ත කිරණ ගොඩක් තියනවා.ඒවා හඳුනා ගැනීම සඳහා විශේෂිත කැමරාවක් ද සහිතයි.පරිඝණකය ක්‍රියාකරවන්නා සාමාන්‍ය ලෙස සිටිය යුතුයි.මවුසය තිබෙන තැනට අත ගෙන යා යුතුයි.එතකොට අත තියෙන තැනට අධෝරක්ත කිරණ රැසක් වැටෙනවා.අපේ ඇඟිලි හා අත් සෙලවූවිට කිරණ වෙනස් වෙනවා. ඒ ගැන බලන් ඉන්න කැමරාව මේ ගැන පරිඝණකයට දන්වනවා.එතකොට මවුස් පොයින්ටරය ක්‍රියාත්මක වෙනවා.
මෙහි සාමාන්‍ය මවුස් ක්ලික් වලට අමතරව ලයිබ්රරියකින් තෝරා ගන්න පුළුවන් ක්ලික් රටා රාශියක් තියනවා.ඒ අනුව අපට වෙනස් කර ගන්නත් පුළුවන්.මවුස්ලස් පරිඝණකය හඳුනා ගන්නේ විශේෂිත මෘදුකාංගයක් මඟින්.
මේ සියල්ල සමඟ මවුස්ලස් යුනිට් එකක් දැනට වෙළඳපොලේ ඩොලර් 2000ක් පමණ වෙනවා.කොහොම වුණත් තව ටිකක් කල් යනකොට ගාන කොහොමත් අඩු වෙනවනේ.වාණිජ වශයෙන් වෙළඳපොලට එනකොට ඩොලර් 5ක් විතර වෙයි කියලයි ගණන් බලා තියෙන්නේ.ඒ කියන්නේ රු. 500 ක් විතරනේ.මවුස්ලස් අපිටත් අතපත ගාන්න පුළුවන් කමක් ලැබෙයි..
No comments:
Post a Comment