(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/01/30

සොෆ්ට් ක්‍රමයට අඟුලු කැඩීම- මොබයිල් ෆෝන් අන්ලොක්[Phone Unlocking] කරමු

මොබයිල් ෆෝන් අන්ලොකින්[Phone Unlocking] ගැන මම මීට කලින් ඔයාලව දැනුවත් කලානේ.අද ඔයාලට කියන්නේ යන්නේ ජංගම දුරකතන අන්ලොක් කිරීමට භාවිතා කරන විවිධ උපක්‍රම ගැන.එහෙනම් ඒ ගැනත් කියවලා බලන්න.

ෆෝන් අන්ලොකින්[Phone Unlocking] ගැන ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.


කලිනුත් කිව්වනේ. මොබයිල් ෆෝන් අන්ලොක් කරන්න විවිධ ක්‍රම භාවිතා කරනවා.ඒ අතරින් වඩාත් බහුලවම භාවිතා වන සාර්ථක ක්‍රමය වන්නේ මෘදුකාංගයක් යොදාගෙන අන්ලොක් කරන එකයි.මෙවැනි මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියනවා.ඒ අතරින් කෝඩ් කැල්කියුලේටර්[Code Calculator] වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක්.


ඒ වගේම තමයි අන්තර්ජාලය හරහා ජංගම දුරකතන අන්ලොක් කිරීමට පහසුකම් සපයන වෙබ් අඩවිත් විශාල ප්‍රමාණයක් තියනවා. http://unlock.nokiafree.org/ වෙබ් අඩවිය හා http://hyfeno.com/ වෙබ් අඩවිය ඒ අතරින් විශේෂයි.


වර්තමානයේ විවිධ වර්ගයේ ජංගම දුරකතන තියනවනේ.මෙවැනි විවිධ මාදිලියේ දුරකතන අන්ලොක් කිරීමට ඕන කරන විවිධ මෘදුකාංග හා උපදෙස් ලබා දෙන වෙබ් අඩවිත් තියනවා.  http://www.mrunlock.com/ | http://www.theunlocker.co.uk/ | http://www.unlocking.com/ | http://www.mobileunlock.co.uk/ | http://www.unlockitnow.com/  වෙබ් අඩවි ඒ අතරින් විශේෂයි.



මෙම වෙබ් අඩවි වලදීත් මෘදුකාංග වලදීත් දුරකතනය අන්ලොක් කිරීමට මූලික වශයෙන් ඕන කරන්නේ දුරකතනයේ අයිඑම්ඊඅයි [IMEI- Inrernational Mobile Equipment Identification] අංකයයි.මේ අංකය දුරකතනයේ පිටුපස ගහලා තියනවා.නැත්තම් #06# යෙදීමෙන් වුණත් ලබා ගන්න පුළුවන්.

5 comments:

  1. අන්ලොක් කරන හැටි කියනවද යාලුවා.

    ReplyDelete
  2. @chami :- ඒක මෘදුකාංගයෙන් මෘදුකාංගයට වෙනස් වෙනවා.අදාල වෙබ් අඩවි වලින් සේවාව සපයාගන්න විදිය ගැන විස්තර ලබා දෙනවා.හැබැයි පරිස්සමට.සමහර වෙබ් අඩවි වගකීම් සහතික ලබා දෙනු නොලැබේ.

    ReplyDelete
  3. @CALHARA: ස්තුතියි යාලු මේ පැත්තේ ආවට.. ලොකු හයියක්..

    ReplyDelete
  4. herounlocker.com
    canadaunlocking.com
    phoneunlockcodes.net

    ReplyDelete