පෞද්ගලික වීඩීයෝ ෆෝන්
හකුලා තැන තැන ගෙන යා හැකි මෙම දුරකතනය නිපදවලා තියෙන්නේ මොටොරෝලා[Motorola] සමාගම.වයර්ලස් මෙන්ම රැහැන් සම්බන්ධයත් ලබා දෙන්න පුළුවන් මෙම දුරකතනය ඉන්ටනෙට්, ඉන්ටනෙට් කෝල්, කෝල් කොන්ෆරන්ස් පහසුකම් වලින්ද පොහොසත්.මේක නම් කරලා තියෙන්නේ "මොටොරෝලා ඕජේ පර්සනල් වීඩීයෝ ෆෝන් [Motorola Ojo Personal Video Phone ] " නමින්.
ලොව කුඩාම සෙලියුලර් ෆෝන් එකක්
මේක නම් කරලා තියෙන්නේ "Neon 7 Mini Touchscreen Cell Phone " නමින්.ඝනකමින් මි.මි 11ක් ද දිගින් මි.මි.95ක් හා පළල මි.මි.42ක් වන මෙහි කැමරාවක්,MP3/MP4 ප්ලේයරයක්,ස්පීකර් ෆෝන් ආදියද බ්ලූටූත් ද සහිතයි.ටච්ස්ක්රීන් තිරයක් සහිත වන අතර SMS/MMS/WAP පහසුකම්, වීඩීයෝ හා ඕඩීයෝ රෙකෝඩින් පහසුකම්ද වලින්ද සම්පූර්ණයි.
විනිවිද පෙනෙන දුරකතනයක්
එල්ජී[LG] සමාගම විසින් නිපදවා ඇති මෙම ජංගම දුරකතනය නම් කරලා තියෙන්නේ GD900 නමින්.මෙය වීදුරු වලින් තැනූ, විනිවිද පෙනෙන [Transparent], ස්පර්ශ සංවේදී [Touch sensitive] යතුරු පුවරුවක් සහිත ලොව පළමු ජංගම දුරකතනයයි.
No comments:
Post a Comment