(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/01/09

මදුර ඔන්ලයින් [ MADURA Online]

පරිඝණකයත් එක්ක වැඩ කරගෙන යනකොට, විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතයේදී නොදන්න ඉංග්‍රීසි වචනයක තේරුම දැන ගන්න උවමනා වුණොත් ඉස්සර නම් අපි කළේ ඩික්ෂනරි පෙරළ පෙරළා තේරුම හොයන එකනේ.

ඉතිං ඔහොම ටික කාලයක් යනකොට මදුර ඩික්ෂනරිය මෘදුකාංගය ආවට පස්සේ අපිට පොත් පෙරළන්නේ නැතුව පරිඝණකයෙන්ම වැඩේ කර ගන්න පුළුවන් වුණා.

ඔන්න දැන් වැඩේ තවත් ලේසිවෙලා තියනවා.දැන් මෘදුකාංගය පාවිච්චි නොකර ඔන්ලයින් ක්‍රමයටම ඒ වැඩෙත් කර ගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියනවා.සමහර විට මේ ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.ඒත් නොදන්න අයත් ඉන්න පුළුවන්නේ.එයාලට තමයි මේ පණිවිඩය.

මදුර ඔන්ලයින් [ MADURA Online] - මදුර මෘදුකාංගයෙන් බලා ගන්න පුළුවන් හැම වචනයක්ම ඔන්ලයින් ක්‍රමයට මේ වෙබ් අඩවිය මඟින් බලා ගන්න පුළුවන්.හරියටම කිව්වොත් මදුර ඔන්ලයින් කියන්නේ මදුර ඩික්ෂනරි මෘදුකාංගයේ ඔන්ලයින් සංස්කරණයයි.

වෙබ් අඩවියට මෙතනින් යන්න

අළුතින් හඳුන්වාදී ඇති මදුර නෝට්පෑඩ් [MADURA NotePad] මෘදුකාංගය මෙතනින් බා ගන්න.

මදුර ඩික්ෂනරි මෘදුකාංගය [MADURA Dictionary] මෙතනින් බා ගන්න.

මේ ගැන පැනියගේ ලෝකයේදී මම ලියපු ලිපියක් මෙතනින් බලන්න.

2 comments:

  1. Firefox extensions පාවිච්චි කළා නම් ඊට වඩා ලේසි වෙයි මම හිතන්නේ.... (Firefox අයට විතරයි )

    ReplyDelete
  2. @Lahiri:- Google Chrome Extensions භාවිතා කරන්නත් පුළුවන්.ඒකත් Google Chrome අයට විතරනේ.මධුර ඔන්ලයින්[ MADURA Online] වුණත් අන්තර්ජාල සබඳතාවය තිබුණොත් විතරයි භාවිතා කරන්න පුළුවන්.කොහොම වුණත් මේ හැම දේටම වඩා මධුර මෘදුකාංගය වඩාත් ලේසියෙන්ම භාවිතා කිරීමේ හැකියාව තියනවා.

    ස්තුතියි ප්‍රතිචාරට........!

    ReplyDelete