මහා වැස්සක් වැහැලා කළුවෙලා තිබුණු මුළු අහසම දැන් නිල් පාටයි.ඒ අහස් කුසේ පුන්සඳ පායලා වෙනදාටත් වඩා එළිය දෙනවා.ඉඳහිට ඇතිවෙන සැකයක් බියක් හින්දා නෝක්කාඩුවට පස්සේ මම දකින නුඹේ ඔය මුහුණු ඒ සඳ එළියටත් වඩා මට එළියයි.
මහ වරුසාවට පසුව නෑගෙන සඳ
වෙනදාටත් වෑඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වෑඩියෙන් එළියයි . . .
ඈළ දොල පාමුල ගොලුවුනු ගීයකි
අප හදවත් බෑඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතෑවේ . . .
මහ වරුසාවට . . .
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වෑඩියෙන් සුවඳයි
විටකදි නෑඟුනත් සෑක බිය ශෝකය
පිවිතුරු ප්‍රේමය හද උතුරයි . . .
මහ වරුසාවට . .
මේ ගීතයේ සොඳුරු පද රචකයා සුනිල් සරත් පෙරේරා මහතා.ගීතය ලිව්වේ ඔහුගේ ප්‍රිය බිරිඳ සරෝජණී වෙනුවෙන්.
සොඳුරු හඬ සෝමතිලක ජයමහ සහෘදයාගෙන්.
ගීතය මෙතනින් බා ගන්න[MP3 DOWNLOAD HERE].
හරිම ලස්සන සින්දුවක්. හදවතට දැනෙන සින්දුවක්.
ReplyDeleteමමත් ආසා සිංදුවක්........
ReplyDeleteස්තූතියි....!!
@සියපත & සෝරෝ:- ගොඩක් ස්තුතියි .........!
ReplyDelete