මට මොන වෙනසද සොදුරියේ
ඔහොම දුරින් හිද භවය පුරා මට හිනැහේනම්
මට ඒ ටිකම ඇති...
සනසන්න හිතන් නුඹ කීව කතාවට
අහසත් හැඩුවා ඉහිලුම් නැතුවා වගේ
ලියන් විමානෙම මල් වරුසාවේ.....
මොනරු නටනවා හීන පෙනේ
මුළු ලෝ පිටුවා තළා පෙළ
දැනේ රිදුම් කටු ඉඹුල් වැනී සොදුරේ....
එකමත් එක කාලේක හාද වෙලා
එක පතක බෙදා ඔය අතින් අනා
වැළදූ බත්පිඩු ගානට ජාති ණයයි මං
වාවන්නේ නෑ උනයි ඇහේ කදුළු....
එදත් එදාමයි මේ බොල් දිවියේ
වසා දැමූ ගමන් දොර කවුළු.....
දුරින් හිද සැනසෙන්න පුළුවන් එකත් ලොකු දෙයක් මචං!!
ReplyDelete